(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ කළ සාකච්ඡාවේදී 2018 මැයි 16 අනුමත වූ කැබිනට් පත්‍රිකාව අද (1) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්තුව ඉටු නොකිරිම සහ දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරිම ගැන ලිඛිතව දැනුම් නොදීමත් හේතුවෙන් වර්ජනය දිගටම කරගෙන යාමට තීරණය වූ බවද ජනක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම අසාධාරණ ඉල්ලීම්. වැටුප් තලය උඩට ගන්න කියා යටි අරමුණ රජයේ විධායක නිලධාරීන්ට දෙනු ලබන වාහන බලපත්‍ර ලබා ගැනීම. එවිට අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල අයත් පාරට බහී. දුප්පත් මිනිස්සු බදු ගෙවාවී.
දෙන්නම එපා.අහිංසක මිනිසුන්ට වද දෙන මේ අය පැත්තකට දාලා හමුදාවට මේ වාදය දෙන්න බැරිද ?
ඉන්න හිතෙන රටක්.
පන්නල දමන්න. හමුදාවෙන් බැරිනම් ඉන්දියාවට හරි දීලා දුවවන්න. එත් නැවත රැකියාවලට ගන්න එපා.
අහිංසක මගීන් අමාරුවේ දමන මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.
17000 ක පමණ වර්ජකයන්ට ඉල්ලීම් ලබාදෙමින් දස ලක්ෂයක් පමණ මගීන් අමතක කරදමා ගොනුන් මී හරකුන් මෙන් සලකා කටයුතු කරන පිරිසට නුදුරු අනාගතයේදී එළඹෙන ඡන්දයේදී පිළිතුරු දීමට දුම්රිය මගීන් සූදානම්.......