(ජයන්ත සමරකෝන්)
සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගු භාවය පිළිබඳව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තියේ 4.7 උපලේඛනවලට අනුව මෙම නීතී විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
මේ පිළිබඳව එවකට අධිකරණයට පැමිණිලි කිරීමට තීරණය කළ අවස්ථාවේ බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබූ නිසා එම අදහස අත්හළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවල අත්සන් තැබීම නීතී විරෝධි බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු දිවුරුම් දී නොමැති බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ වලංගු නැත්තේ? ඔයිට වඩා නම් දරාපු හොරු අත්සන් කරපු මුදල් නෝට්ටු විතරක් නෙමෙයි ගිවිසුම් පවා තියෙන්නේ. පස්සේ ඒ ගිවිසුම්වලින් කට්ටි පනින්න හදන වෙලාවට ලොකු රටවල් ඇවිත් සැර දානකොට අනේ සර් මේ අවුරුද්දේ නම් ඒ කියපුවා කරනවාමයි කියල ඔය ඕන තරම් ඇඟ බේරා ගන්නෙ.
මන්ත්‍රීතුමා ඔබතුමාලා ප්‍රමාද උනා වැඩියි. මෙය ලංකා මුදල් පාවිච්චි කරන හැමෝටම ප්‍රශ්නයක්. වහාම ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. ශ්‍රී ලංකා පුරවැසියෙක් නොවන කෙනෙක් කොහොමද භාණ්ඩාගාරයේ අධිපති උනේ?
ඇත්තද? එතකොට මේ පල් හොරුන්ගේ අත්සන් සහිත මුදල් නෝට්ටු වලංගුද?
ඔබ සමග මම එකග වෙන ගමන්ම අහන්න ඕන ගෝටාබය අත්සන් කල සහ අණදුන්න දේවල් ඔහු ඇමරිකන් පුරවැසියෙක් වසයෙන් ඉන්න කොට.
ඔහේ මෙච්චරකල් නිදාගෙනද හිටියේ?
ජෝන් එක්ස්ටර් (මහා බැංකුවේ පළමු අධිපති) මහත්තයා අත්සන් කරපුවා වලංගුද?
නැත.මොහු පල් හොරෙකි.
අර ගත්ත ණය ගෙවන්න. නිකමට හිතමු අවලංගු කරා කියලා අපහසුතාවයට පත්වෙන්නේ රටේ මහජනයාමයි. මෙයාලා කරන්නේම මිනිස්සු අපහසුතාවයට පත්වෙන වැඩමයි. සමපෝෂ ටිකක් කන්න මන්ත්‍රීතුමා.......
මෙයා කරොත් කරන්නෙම තකතීරු වැඩක්.
මන්ත්‍රීතුමෝ ආර්ථික කප්පිත්තෙක් හැටියට ඕකද තෝරගත්තේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ හැටියට.....
මෝඩ රැළ..... හැමදේටම අත උස්සලා දැන් අහනවා හරි වැරැද්ද. ඊට වඩා හොඳයි පිට රටින් ගේන එළදෙනුන්. කිරි ටික හරි ලැබෙනවා.
රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියපු කතාවත් අවලංගු ද
ලංකාවේ පුරවැසියෙක් නොවුණු කෙනෙක් ආරක්ෂක ලේකම් වෙලා වැඩ කරගෙන ගියේ.....