කෑමට නුසුදුසු සහල් තොගයක් බේරුවලින් අල්ලයි
මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බාසහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමකින් එම ගබඩා දෙකම ඊයේ (4) රාත්‍රියේ සීල් තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි.