
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු තුමා අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය.
කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු තුමන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.
කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක පියල් ජානක ප්‍රනාන්දු පියතුමන්, කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික සාගර ප්‍රිශාන්ත පියතුමන් ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල් උන්නාන්සේ හම්බවෙන්න බැහැ කියන්න ඇති. පලතුරු ගත්තේ කොහෙන්ද? මැනින් මාකට් එකෙන්ද? නැතිනම් පිලිපීනෙන්ද?
හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ පලතුරු වට්ටියක් අරන් ගිහින් විරිත්තල ආවාම සේම අකා මකා වෙලා යනව කියල.. අපි නම් අහු වෙයි ඔව්වට...