IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, COVID-19 හා සම්බන්ධ ජීවිත රක්ෂණ හා රෝහල්ගත වීම් ආශ්‍රිත හිමිකම් ලබා දීමට තීරණය කර ඇත.

සමාගම් හි මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ, "යම් රෝගයක් වසංගතයක් ලෙස වර්ගීකරණය කළ විට රක්ෂණ සමාගම් එයට අදාළ හිමිකම් ලබා දීමට බැඳී නොමැත. කෙසේ වෙතත්, වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, මෙම ජාතික අවශ්‍යතාවයේ දී අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ දේශය වෙනුවෙන් සේවය සැලසීම අපගේ යුතුකමයි. එබැවින්, ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස්, COVID-19 හා සම්බන්ධ සිය ගනුදෙනුකරුවන් විසින් කරන ලද ජීවිත හා වෛද්‍ය හිමිකම් ලබා දෙනු ඇත. එපමණක් ද නොව, දෛනික රෝහල් ආවරණය යටතේ ආවරණය සැලසෙන පුද්ගලයෙකු අප රටේ නිත්‍යානුකුලව සිදු කෙරෙන ව්‍යුහාත්මක නිරෝධායන ක්‍රියාවලියකට (ස්වයං නිරෝධායනය හැර) යටත් වී ඇති නම් එසේ සිටි දින ගණන සඳහා එම ප්‍රතිලාභය යටතේ දෛනික ගෙවීම් සඳහා සුදුස්සන් ලෙස ද අප නම් කර ඇත. තවද, සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්, COVID-19 ට අදාළ සියලු ම රෝහල්ගත කිරීම් හිමිකම් ලබා දෙනු ඇත.

සමාගම සියලු ම ශ්‍රී ලාංකික පුරවැසියන් හට තමන්ගේ නිවසින් පිටත හා සෙනග ගැවසෙන ස්ථාන තුළ එදිනෙදා ගමන් බිමන් හැකි තාක් සීමා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී. ඔබගේ රක්ෂණය ආශ්‍රිත ගනුදෙනු නිවසේ සිටිමින් ම කර ගැනීමට අපගේ ඇමතුම් මධ්‍යස්ථානය, වෙබ් අඩවිය මෙන්ම වෙනත් ඩිජිටල් නාලිකා ද ක්‍රියාත්මක කර තිබේ. එමගින් පහසුවෙන් ඔබේ වාරික ගෙවීම් වැනි සේවා නිවසේ සිටම ඉටු කර ගත හැක.

මේ තීරණාත්මක අවස්ථාවේ දී නිර්දේශිත සමාජ දුරස්ථභාවය, නිතර අත් සහ මුහුණ සේදීම් වැනි සරල සනීපාරක්ෂා ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, අපේ රටේ මෙම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෑම කෙනෙකුගේ ම දායකත්වය ලබා දෙන මෙන්ද, යම් හෙයකින් ආසාදිත පුද්ගලයෙකුට නිරාවරණය වුවහොත් ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමට ක්ෂණිකව කටයුතු කිරීමෙන් ද ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ඔබගේ වගකීම් ඉටු කරනා ලෙස සමාගම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site