
(වමේ සිට) ඩිජිටල් එක්ස් අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ් , ඩිජිටල් එක්ස් අධ්‍යක්ෂ ජනක රූපසිංහල, විජය ඩිජිටල් මීඩියා විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග සහ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්රධානී ලංකා ප්‍රදීප් යන මහත්වරු ඡායාරූපයේ සිටිති.
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන, විජය පුවත්පත් ආයතනයේ ‘ඩිජිටල් මීඩියා’ අංශය, පසුගිය දා ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේය. ඒ, ඩිජිටල් තාක්ෂණයෙන් පිරිපුන්, අන්තර් ජාලය කේන්ද්‍රකොටගත් දැන්වීම්කරණයේ නිම් වළලූ පුළුල් කරමිනි.
‘විජය පුවත්පත් ආයතනයේ අප හැමවිටම අලූත් දේවල් ගැන උනන්දුයි. අලූත් තාක්ෂණයට අප සැමවිටම මුල් තැන දෙනවා. විශේෂයෙන්, අපගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යෑමේදී. ඒ සඳහා නව තාක්ෂණය අලූත් විදියට භාවිත කළ යුතුයි. මෙය අප වටහා ගත් දෙයක්. ඇඞ් ස්ටුඩියෝ වැනි අප රටේ ආයතනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ඔවුන් අපට අලූත් යෝජනා රැුසක් ඉදිරිපත් කළා. අප ඒ ගැන සෑහීමකට පත් වුණා. ඉදිරියේ දී අපගේ ඩිජිටල් මීඩියා සේවා භාවිත කරන සැමටම, අප දෙගොල්ලන්ගේ මෙම එකමුතුව වාසියක් වනු නිසැකයි. අප ඇඞ් ස්ටුඩියෝ ආයතනයේ පරිගණක කෘති‍්‍රම බුද්ධි වැඩසටහන් සමඟ සම්බන්ධ කර ගැනීමටත් අපේක්ෂා කරනවා’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ ඇති කරගත් නව එකමුතුව සම්බන්ධයෙන් අදහස් දක්වන විජය ඩිජිටල් මීඩියා හි විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග මහතා පැහැදිලි කර තිබේ.
‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’, ‘ඬේලිඑෆ්ටී’ සහ ‘ලයිෆ් ඔන්ලයින්’ වැනි අතිශය ජනපි‍්‍රය ජනතා ප‍්‍රසාදයට පත් වෙබ් අඩවි රැුසක හිමිකරු වන්නේ විජය පුවත්පත් ආයතනයේ ‘විජය ඩිජිටල් මීඩියා’ ජාලයයි.
‘ඇඞ්ටෙක්’ සහ ‘මාර්ටෙක්’ වැනි නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ ලෝකයේ දැන්වීම්කරණයේ පෙරැුළියක් සිදුවුණු බවත්, ඇඞ් ස්ටුඩියෝ ආයතනය පෙන්වා දෙයි. නවතම ‘ඇඞ්ටෙක්’ නිෂ්පාදන ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඇඞ් ස්ටුඩියෝ ආයතනයයි. තම සමාගම, ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම හරහා ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇති කරාවි යැයි තමන් විශ්වාස කරන බව ‘ඩිජිටප් එක්ස්’ අධ්‍යක්ෂ ජනක රූපසිංහ පෙන්වා දෙයි.
‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනයේ අලෙවිකරණ උප සභාපති ලෙස කටයුතු කරන්නේ උමෙයා වොලිද් මහතා පෙන්වා දී ඇත්තේ ද ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම, ඔවුන්ගේ නිෂ්පාදන සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑමට ශක්තියක් බවය. වෙනත් රටවල දැන්වීම්කරණයේ දී, මෙම නව තාක්ෂණය බොහෝ සෙයින් භාවිතයට ගන්නා බවත්, අපේ වෙළෙඳ ක්ෂේත‍්‍රයට මෙය කැපී පෙනන අසමසම අත්දැකීමක් වනු ඇති බවත් වොලිද් මහතා පවසා ඇත.
‘නව තාක්ෂණය භාවිතයට ගැනීමෙන්, දැනට අප සිදු කරන කටයුතු නව මානයකට යොමු කිරීමට හැකිවෙනවා. විජය ඩිජිටල් මීඩියා සැමවිටම නව තාක්ෂණය ගැන උනන්දුවක් දක්වනවා. නව තාක්ෂණය භාවිත කරමින්, ඉදිරියට යෑමයි අපේ අරමුණ. ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් අපට ඩිජිටල් මීඩියා දැන්වීම්කරණයේ දී පියවර ගණනක් ඉදිරියට යෑමට හැකිවේවි. එය අපේ හවුල්කරුවන්ටත්, පාර්බෝගිකයන්ටත් පහසුවක් වේවි. ඒ සමඟ නව අවස්ථා රැුසක් අපට උදාවේවි. ඒ වගේමයි මා ආඩම්බර වෙනවා මෙම සේවය අපේ යැයි කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආයතනයකින් ලබා ගැනීමට අපට හැකිවීම ගැන.’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සම්බන්ධයෙන් විජය පුවත්පත් ආයතනයේ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්රධානී ලංකා ප‍්‍රදීප් මහතා අදහස් දක්වා තිබේ.
2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විජය ඩිජිටල් මීඩියා ‘ඇඩ් ස්ටුඩියෝ’ සමඟ අත්වැල් බැඳ ගනී