IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඩයලොග් සමාගම දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට පත් වෙයි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී  ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන  වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව 17 වන  වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේදී ඩයලොග් සමාගම වෙත මේ වටිනා ගෞරව සම්මානය පිරිනැමුණු අතර, අඛණ්ඩව 6 වන වරටත් AAA වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සහ අඛණ්ඩව 13 වන වරටත් වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය යන සම්මානය ද ලබා ගන්නටත් ඩයලොග් සමාගම සමත් විය.

2020 වසරේ ‘වටිනාම වෙළඳ නාමය සහ වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය’ යන සම්මාන මගින් ඩයලොග් සමාගමේ “හෘදයාංගම සේවාව” සහ “අනාගතය අදයි” යන කැපවුණු මෙහෙවර මනාව පිළිබිඹු කෙරේ. අසමසම අත්දැකීම් නිර්මාණය කරමින්, සියලුම ශ‍්‍රී ලාංකිකයින් වෙත දැරිය හැකි මිලකට තාක්ෂණය වෙත සමීප කරවන විවිධාකාර සේවාවන් හා නිෂ්පාදන හරහා ජාතියට ඩිජිටල් පුනරුදයක් උදා කර දීමට සමාගම දරන උත්සාහය මින් හොඳින් නිරූපණය විණි.

ඩයලොග් සන්නාමයේ ශක්තියට හේතු වී ඇත්තේ තාක්ෂණ වියමනින් බැඳුණු ලෝකයක ජීවිත සවිබල ගැන්වීම සඳහා වූ අප‍්‍රතිහත කැපවීමයි. එපමණක් ද නොව, මිලියන 15 කට අධික ගනුදෙනුකරුවන්ගේ හදවත් තුළ විශ්වාසදායක ඩිජිටල් සහකරුවකු බවට ද ඩයලොග් සමාගම පත් වී තිබේ. දේශයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ඩයලොග් සමාගමේ මූලික අරමුණ අද්විතීය පාරිභෝගික අත්දැකීම් සමඟ පාරිභෝගිකයන්ට වටිනාකම් නිර්මාණය කර දීමයි.

ලැබූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසුවේ,  “දෙවන වරටත් ‘ශ‍්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ සහ අඛණ්ඩව 13 වන වරටත් ‘වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය’ යන සම්මාන වලින් පිදුම් ලැබීම අපට ගෞරවයක්. මෙම සම්මානයෙන් අදහස් වෙන්නේ මිලියන 15 කට අධික ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත තාක්ෂණයෙන් පොහොසත් කරමින් ජාත්‍යන්තර මට්ටමේ සේවාවන් සහ විසඳුම් සමග අනාගතය අදට ගෙන ඒම සඳහා වූ අපේ මෙහෙවර පිළිබඳව ජනතාව දක්වන අඛණ්ඩ විශ්වාසයයි. මේ සම්මානය තුළ සමාගමේ හෘදයාංගම සේවාව සහ නව්‍යකරණය පෙරදැරිව කටයුතු කරන ඩයලොග් කණ්ඩායමේ කැපවීමත් නිරූපණය වෙනවා.”

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක රුචී ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ, "ඩයලොග් සමාගමෙහි සාර්ථකත්වයට මූලික හේතුව වුණේ නව තාක්ෂණයන් රට තුළට ගෙන ඒමේ හැකියාව සහ වේගවත්ව පාරිභෝගිකයන් ළගා කර ගන්නා අද්විතීය අලෙවිකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමයි. තම සන්නාමයේ නව්‍යකෘත ඩිජිටල් විසඳුම් තුළින් විවිධ පාරිභෝගික හදවත් ස්පර්ශ කරන්නට ඩයලොග් සමාගමට හැකිවී තිබෙනවා.”

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් යනු ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක ශාඛාවන් ඇති ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය යි. වෙළඳ නාමවල මූල්‍ය වටිනාකම ගණනය කිරීමෙන් බ‍්‍රෑන්ඞ් ෆිනෑන්ස් විසින් අලෙවි සහ මූල්‍ය ක්ෂේත‍්‍රයන් එකිනෙක සබඳනු ලබයි. වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සඳහා වෙළඳ නාම වටිනාකම් ගණනය කිරීමේදි රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශයත්, ISO 10668 හි දක්වා ඇති කර්මාන්ත ප්‍රමිතීන්ට වෙළඳ නාමයන් දක්වන අනුකූලතාවත් ඔවුන් ප්‍රධානව සැලකිල්ලට ගනියි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ හිමිකම් භාගය ගණනය කරමින් වෙළඳ නාමය අනාගතයේ ලබන ආදායම් තක්සේරු කිරීමත්, ඉන් වෙළඳ නාමයේ වටිනාකම, ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස ඉස්මතු කිරීමත් ය. මෙම තක්සේරුකරණය නිසා වෙළඳ නාම හිමිකරුවන් හට විවෘත වෙළඳපොළ තුළ වෙළඳ නාමයට බලපත‍්‍ර ලබාදීමේදී ප‍්‍රතිලාභ ලබන්නට අවස්ථාව හිමි වේ.



අදහස් (0)

ඩයලොග් සමාගම දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට පත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site