IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ජනතාව වෙනුවෙන්‌ සේවයක්‌ කරන්න ඕන, එක මට ලේ උරුමයත්‌ එක්ක පැවරුණු රාජකාරියක්‌...

"දේශපාලනයෙන්‌ ජීවත්‌ වෙන කෙනෙක්‌ නොවී දේශපාලනයේ ජීවත්‌ වෙමින්‌ ජනතාවට සේවය කරන්න මම කැපවෙනවා”

මෑනි සබය වෙනස්‌ කරන්නට අලුතින්‌ පාර්ලිමේන්තු යන කොළඹ පුරපතිවරිය ගේ පුත් කණීෂ්ක සේනානායක කියයි.

225 ම එපා අපිට ඕන අවංකවම දේශපාලනය කරන ප්‍රතිපත්ති හදන, ජනතා සේවයට කැප වුන දේශපාලන නායකයින්‌. ඔවුන්‌ තරුණයන්‌ නම්‌ වඩා හොදයි කියමින්‌ සමාජයේ කතිකාවක්‌ නිර්මාණය වන්නේ වාර්තමාන මහජන නියෝජිතයාගේ කාර්ය භාරය තුළ ඇති බරපතල අඩු පාඩු නිසා යැයි කීවාට වරදක්‌ නැත. ඒ අනුව මෙවර මහා මැතිවරණය අන්‌ කවරදාකටත්‌ වඩා තීරණාත්මක වී තිබෙන්නේ ඒ නිසාය.

මේ වට පිටාව තුළ අවංක , දක්ෂ සහ කාර්ය ශූර තරුණ දේශපාලන නායකයින්ට වැඩි ආකර්ෂණයක්‌ ඇති සමාජ වටපිටාවක්‌ නිර්මාණය වී තිබේ.

එම රික්තකය පුරවමින්‌ මෙරට දේශපාලන දිග්විජය කිරීම වෙනුවෙන්‌ මෙවර මහමැතිවරණ තරග බිමට අවතීර්ණය වූ ඔහු කණිෂ්ක සේනානායක ය.

" මාව කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩක්‌ අය දන්නවා. අම්ම එක්ක දේශපාලනය කරන්න මම කොළඹ හැම අස්සක්‌ මුල්ලක්‌ නෑරම වගේ ගිහිං තියනවා. ඒ වගේම මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න ගැන මට සංවේදී බවක්‌ තියනවා.

කොලඹ හරි වෙනස්‌ තැනක්‌, ලංකාවේ හැම තැනකින්ම වගේ ආව විවිධ ජාති, ආගම්‌, කුල වලට අයිති අය බොහොම සමඟියෙන්‌ ජීවිත්‌ වෙන තැනක්‌. සංස්කෘතික වශයෙන්‌ ගතත්‌ ඒක මේ රටේ පොදු සංස්කෘතික කුලකය විදියට තමයි සළකන්නේ. ඒ නිසා අන්තවාදී නොවුණු නිවහල්‌ මනසකින්‌ මේ ජනතාවට සේවය කිරීම අවශ්‍යයි. මම ඒක හොඳට තේරුම්‌ අරගෙන තියෙනවා.ඒ වගේම කොළඹ ප්‍රශ්නත්‌ සංකීර්ණයි.දේශපාලනයේ රැවටිලි බස්‌ නිසා කොළඹ ජනතාව හැමදාම රැවටෙනවා කියලත්‌ හිතෙනවා. මේ දේවල්‌ වෙනස්‌ කරන්න නිසි ක්‍රමවේද අවශ්‍යයි. ප්‍රධාන දේ තමයි කොළඹ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය, විශේෂයෙන්ම සමාජ චල්‍යතාව (Social mobility) සමාජයේ එක්‌ ස්ථරයක තවත්‌ ස්ථරයකට ගමන්‌ කිරීමට ඇති ප්‍රධානම මෙවලම අධ්‍යාපනය බව මගේ විශ්වාසයයි. ඒ නිසා අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතුය.කාන්තා සහ ළමා අයිතීන්‌ වෙනුවෙන්‌ සහ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්‌ වෙනුවෙන්‌ කටයුතු කර යුතුමය"

කණිෂ්ක කියන්නේ එහෙමය. ඔහුට දැක්මක්‌ තිබේ. ඔහුට උරුම වූ වගකීමක්‌ තිබේ.කණිෂ්ක දේශපාලනයට එන්නේ ඕපපාතික දේශපාලන ජීවියෙක්‌ ලෙස නොවේ.සමහරු කණිෂ්ක සේනානායක ගැන කතා කරන්නේ කොළඹ ප්‍රථම පුරවැසි, රටට වැඩ කළ අමාත්‍යවරියකද වූ රෝසි සේනනායක මහත්මියගේ පුතා දේශපාලනයට ඇවිත්‌ කියාය.කණිෂ්කගේ දේශපාලන මුල්‌ ඇත්තේ එතනින්‌ ගොඩාක්‌ යටට කිඳා බැසලාය.

මෙරට පාසල්‌ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්‌ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ පී.ද එස්‌ කුලරත්න මහතා කණිෂ්කගේ මිත්තණියගේ පියණන්ය. ඔහු මහනුවර ධර්මරාජය, කොළඹ නාලන්දාව, මොරටු විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල,අම්බලන්ගොඩ ධර්මාශෝක වැනි පාසල්‌ ස්ථාපිත කරමින්‌ ද තවත්‌ පාසල්‌ 300 කට ආසන්න ප්‍රමාණයක්‌ පාලනය කරමින්‌ මෙරට අධ්‍යාපනය වෙනුවෙන්‌ ඉටුකළ මෙහෙය සුළුපටු නැත.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදය තුළ තරඟ කරමින්‌ 1942- 1947 දක්වා කාලය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාවත්‌, 1960 - 1965 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු මෙරට දේශපාලනය තුළ ද සක්‍රීය චරිතයක්‌ විය.

තම සැමියා සමඟ එක්‌ ව, ඔහු යන මගම යමින්‌ ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිදහස්‌ අධ්‍යාපන අයිතිය තහවුරු කරලීම උදෙසා කුරුණෑගල මලියදේව බාලිකා, මහනුවර මහාමායා, පුෂ්පදාන, කොළඹ ආනන්ද බාලිකා, පානදුර සුමංගල බාලිකා වැනි බාලිකා පාසල්‌ රැසක්‌ දැයට දායාද කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක යෙදුණු ආදර්ශමත්‌ කාන්තා චරිතයක්‌ වූ හිල්ඩා කුලරත්න මැතිණිය, කනිෂ්ක සේනානායක මහතාගේ මිත්තණියගේ මවය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවට අනූපමය මෙහෙවරක්‌ ඉටුකරමින්‌ මෙරට ජනජීවිත සුරක්ෂිත කිරීමත්‌, සමාජය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීමත්‌ උදෙසාත්‌ සුවිශේෂී කාර්යභාරයක්‌ කළ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ 18 වන පොලිස්පතිවරයා වූ ස්ටැන්ලි සේනානායක මහතා කණිෂ්ක සේනානායක මහතාගේ සීයාය.

කණිෂ්ක සේනානායක මහතාගේ මිත්තණිය වූ මායා කුලරත්න මැතිණිය, තම සැමියා වූ ස්ටැන්ලි සේනානායක මහතා සමඟ එක්ව මෙරට ප්‍රථම පොලිස්‌ සේවා වනිතා ඒකකය පිහිටුවීමට පුරෝගාමී විය. සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය ඇතුළු බෞද්ධ ආගමික සංවිධාන රැසක ක්‍රියාකාරී භූමිකාවක්‌ ඉටු කළ මායා කුලරත්න මැතිණිය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය වැනි ආයතන රැසක ද කටයුතු කරමින්‌ මෙරට කාන්තාවන්ගේ අයිතීන්‌ සුරක්ෂිත කරලීම උදෙසා අනූපමය මෙහෙවරක්‌ ඉටුකළා ය.

ස්ටැන්ලි සේනානායක මහතාගේ පුතුයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අතුල සේනානායක මහතා කණිෂ්ක සේනානායක මහතාගේ ආදරණීය පියාණන්‌ ය.

මේ අයුරින්‌ බලන විට කණිෂ්කගේ දේශපාලන මුදුන්‌ මුල බොහෝ ගැඹුරට කිඳාබැස තිබේ.

අම්මාගේ දේශපාලන හුරුව සහ ඇගේ දැක්ම මෙහෙවර දකිමින්‌ අසමින්‌ හැදුණු වැඩුණු කණිෂ්කට දේශපාලනයේ පාඩම්‌ අමුතුවෙන්‌ කියා දිය යුතු නැත.

කොළඹ ආනන්ද විද්‍යාලය, ශාන්ත තෝමස්‌ විද්‍යාලය හා කොළඹ ජාත්‍යන්තර පාසල තුළින්‌ පාසල්‌ අධ්‍යාපනය හදාරා එක්සත්‌ රාජධානියේ Warwick හා අමෙරිකා එක්සත්‌ ජනපදයේ Tampa විශ්වවිද්‍යාල වලින්‌ උපාධි ලබාගත්‌ කණිෂ්කට සිය පියාගෙන්‌ උරුම වූ ව්‍යාපාර කටයුතු සහ තමා ලබාගත්‌ අධ්‍යාපනයේ සුදුසුකම්‌ අනුව කැමති ලෙස නිදහසේ ජීවිත්‌ වීමට හැකියාව තිබෙන මුත්‌ දේශපාලන කරලියේ පිණුම්‌ ගසන්නට එන්නේ සැබවින්ම ඔහුට දේශපාලන ඇම්මක්‌ තිබෙන නිසා ය. ඒ ඇම්ම මහත්‌ හොරුන්‌ ලෙස ලේබල්‌ වූ දේශපාලයේ මහත්මයෙකු ලෙස ජනතාවට වැදගත්‌ මෙහෙවරක්‌ කිරීම වෙනුවෙන්‌ ඇති වු ඇම්මක්‌ බව ඔහුගේ සමාජ හැසිරීම තහවුරු කර තිබේ.

ඔහු නිතර කියන්නේ දේශපාලයෙන්‌ ජීවත්වීම නොව,දේශපාලනයේ ජීවත්‌ වෙමින්‌ ජනතාවට සේවය කිරීම තම අරමුණ බවය.

ඒ අනුව බලන විට කණිෂ්කලා මේ රටේ නැවුම්‌ වන දේශපාලනය තුළ එය නියෝජනය කළ යුතු මිනිසුන්ය.දේශපාලනයට පැමිණ හම්බකරන්නට අවශ්‍ය නැති වැදගත්‌ මිනිසුන්‌ ය. උගත්‌ බුද්ධිමත්‌ තැම්පත්‌ මිනිසුන්ය. එවැනි තරුණයෙකු ලෙස කණිෂ්කට මෙරට දේශපාලනයේ උඩුගම්‌ බලා පිහිනමින්‌ තම ජනතාව වෙනුවෙන්‌ අව්‍යාජ මෙහෙවරක්‌ ඉටුකරන්නට ඉඩ කඩ සැලසීම අපගේ වගකීමක්‌ විය යුතුමය.

ඡන්ද පත්‍රිකාව අතට ගත්‌ විට අපට මැවී පෙනිය යුත්තේ අපේ දරුවන්ගේ මුහුණුය, අපේ අනාගතය ගැන චිතුය ඒ පිළිබඳ නිවරැදි තීරණය ගන්නට අපි අපගේ පරමාධිපත්‍යය බලය ලබා දෙන්නේ කාටදැයි නැවත නැවතත්‌ මෙනෙහි කල යුතුය. එසේ සිතන විට හොර බොරු වංචා නැති, තරුණ ජවය ඇති කණිෂ්ක සේනානායක වැනි තරුණයන්‌ ජනතා මනසේ සිතුවම්‌ වනු ඇත. ඔවුන්ගේ ජනතා පරමාධිපත්‍ය බලය කණිෂ්ක සේනනායක වෙනුවෙන්‌ බලාත්මක වනු ඇත.



අදහස් (0)

ජනතාව වෙනුවෙන්‌ සේවයක්‌ කරන්න ඕන, එක මට ලේ උරුමයත්‌ එක්ක පැවරුණු රාජකාරියක්‌...

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32962 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 118 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site