අප ජීවත්වන පෘථිවිය අයත් ක්ෂීරපථයේ හැඩය මින්පෙර සිතාසිටි ආකාරයට පැතලි එකක් නොවන බවත් එය ඇදවුණු හා ඇඹරුණු හැඩයක් ගන්නා බවත් පර්යේෂකයෝ පවසති.
ක්ෂීර පථයේ වඩාත් දීප්තිමත් තාරකාවන්ගේ පිහිටීම දිගින් දිගටම අධ්‍යනය කිරීමෙන් මෙම නිගමනයට එළඹ ඇත.
පෝලන්තයේ වෝර්සෝ සරසවියේ තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර 'සයන්ස් ජර්නල්'සඟරාවේ එම තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත.
පාසැල් පෙළපොත්වල සහ ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථවල රූපසටහන් මගින් පෙන්වා දී ඇත්තේ පැතලි තැටියක් ලෙස ක්ෂීරපථය පිහිටන ආකාරයයි. මේ සම්බන්දව අදහස් දක්වමින් වෝර්සෝ සරසවියේ ආචාර්ය ඩොරෝටා ස්කොව්රොන් පවසන්නේ එම හැඩය නිර්මාණය කර ඇත්තේ ක්ෂීරපථයේ තාරකා මිලියන 2.5ක් අධ්‍යනය කිරීමෙන් පමණක් බවයි.
ක්ෂීරපථයේ තාරකා බිලියන 2.5ක් පවතින බව ඔහු පවසයි.විද්‍යඥයින් අනුමාන කරන්නේ අප ක්ෂීරපථය ආසන්නයේ පිහිටි අනෙක් මන්දාකිණිවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම හැඩය ලැබෙන්නට ඇති බවයි.
කෙසේවුවද ක්ෂීරපථයේ අභ්‍යන්තර ව්‍යුහය හා ඉතිහාසය ගැන දන්නේ ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් බවත් විද්‍යාඥයෝ පවසති.
චිලී දේශයේ දකුණු ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති නිරීක්ෂණාගාරයේ උපකාරයෙන් මෙම අධ්‍යයන කටයුතු සිදුකර ඇත.
COMMENTS
මට බුදුන්ගේ දේශනාවල් සිහියට නැගෙනවා. කෙතරම් සත්‍යයක්ද අවුරුදු 2500 කට කලින් දේශනා කරන ලද්දේ... බුදුන්ගේ දේශනාවල් බුද්ධිමතුන් සදහාම පමණි. අනෙක් අයට මැජික් තමයි.
විශ්වය ගැන සිතන එකත් ඒ ගැන කරන සකල භෞතික පර්යේෂණත් කිසිදා පරිපුර්ණ නොවේ. ඒ ලොව ධර්මතාවයන් කිසි කලෙකවත් සාමාන්‍ය මිනිස් මනසින් හෝ මසැසින් හෝ දැකීමට නොහැකි නිසාත්, ඒවා ඇත්තේ වෙනත්ම මානයක වෙනස්ම සංඛ්‍යාතයින්වල වන නිසාය. මේවා ඔප්පු කිරීම හෝ ඔප්පු කිරීමට වෙහෙසීම හෝ සත්‍ය වශයෙන්ම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ බව පසක් කරමින් ලෝකය ග්‍රාහක ගැන මෙතරම් විමසිල්ලෙන් පසුවෙද්දී 2013දි රුසියාවේ චෙල්යාබින්ස්ක් සිදුවීම ගත හැක. ඒ කිසිදු චන්ද්‍රිකාවක, රේඩාර් පද්ධතියක සටහන් නොවූ ග්‍රාහකයක් පෘථිවියේ වායුගෝලයට ඇතුල්වී පොළවට ඉතාම කෙටිදුරකදී පුපුරා යාමයි.
මුලින්ම මේ වගේ දේවල් දාන එකම පත්තරේ - ලංකාදීපයට ස්තුතියි.. මෙතනත් අර "ඊනියා " බුද්ධාගමේ අය ඉන්නවා විද්‍යාව මොනවා හරි කිව්වම අාපෝ ඕක බුදු හාමුදුරුවෝ මීට කලින් කියලා තියනවා කියලා... විද්‍යාව තුළින් ධර්මයවත් දකින එක නිෂ්ඵලයි. මේක මම කියන දෙයක් නෙමෙයි, හොප්කින් වගේ අය කියපු දෙයක්...
මම පුංචි කාලෙ ඉඳන් හිතපු දෙයක් තමයි මේ විශ්වයට අවසානයක් තියෙනවද කියලා.. ඒ කාලෙ හිතුවේ අවසානය මහා ලොකු ගලකින් අවසන් වෙනවා කියලා.. ඒත් තේරෙන වයසට අාවට පස්සේ විශ්වයේ අවසානය අපේ මනසින්.. මිනිසුන් සොයාගෙන අැති මානයන්ගෙන් සිතන්න බැහැ කියලා තේරුණා. අවසානයට දැන් මට හිතෙනවා බුදුන් දෙසා අැති ධර්මය තමා මෙයට කදිමට යොදනු හැකි පිළිතුර කියා... ඒ නිසා තමයි මේ විශ්වය පවතින්නේ බඹයක් පමණ වූ අපගේ ශරීරය තුළම යන්න වග... ඒ් කියන්නේ මා කිය පුද්ගලයෙකු නැතිනම්.. මට විශ්වය කියලා දෙයකුත් නැහැ කියන එක... අැත්තටම මා හිතන්නෙත් මිනිසාට කවදාකවත් විශ්වයේ නම් අවසානයක් දැකිය හැකි නොවේය කියක ඒකයි... අැත්තටම එහි අවසානය අර මම පුංචි කාලෙ හිතුව විදිහට මහා ගල් පර්වතයක් නම්... එහෙමත් නැතිනම් මුකුත්ම නැති අවකාශයක් නම්... ඒ් හැම දේකමත් අවසානයට... ඒ් කියන්නේ අප මනින මානයන්ගෙන්... අප ලබා අැති දැනුම් සම්භාරයන්ගෙන් අපි කොහොමද ඒවා විස්තර කරන්නේ... මම හිතන්නේ විශ්වය අවබෝධ කරගන්නට නම් කළයුතු එකම දෙය කවදා හෝ දිනයක් අප අපවම අවබෝධ කරගැනීමය කියන එක.. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගැනීම..
කාම ලෝකයේ රමනයේ යෙදෙන්නන් හට විශ්වය මන්දාකිනි වෙනත් ග්‍රහලෝක හරිම රසවත් තොරතුරු බව ඇත්ත... නමුත් කාම ලෝකයෙන් මිදී සිත දමනය කළවුන් හට විශ්වය අතැඹුලක් සේ වැටහෙන බව අපි කවුරුත් නොදන්නේය. මන්දයත් අපි තාමත් කාම ලෝකයේ රමනයේය. ජීවත් වන ලෝකයේ ඇති දේ ඇති සැටියෙන් නොදන්නා අපි විශ්ව චාරිකවේ මහත් උනන්දුවෙන් යෙදෙන අපුරුව.. ඒ මදිවාට බුදුන්ටත් අභියෝග කරමින්. අපි නම් කලි යුගයේ උපන් අපූරුම මෝඩරැලකි.
ජගත් මහතාගේ මතයට එකඟවෙමි. සාපේක්ෂතා වාදයේ සොයා ගැනිම් බුදු දහමට ගැට ගැසීමට ගන්නා මෝඩ උත්සාහයෙන් බුදුදහම විද්වතුන් ඉදිරියේ හෑල්ලුවට ලක්වනවා ඇත.
තවත් බුදුවරයෙකුට මිස ඉන් මෙහා සියලු දෙවිවරුන් මනුෂ්‍යයින් හා සියලු ආකාරයේ සත්වයින් අතර කිසිවෙකුටත් දැනගත නොහැකි බුදුන් වහන්සේගේ බලයන් සහ විශාරදත්වයන්, විමෝක්ෂයන් හා සමාධීන් මෙන්ම අනෙකුත් බුද්ධ ධර්මයන් ගැන කතාකිරීමට උන්වහන්සේ දේශනාකර ඇති නියම මග සොයාගන එ් මගෙහි ගමන්කර බුද්ධත්වයට පත්වීම පමණයි කලහැක්කේ... කෙසේවෙතත් සියලු බුදුවරු පිරිනිවන් කාලය පැමිණෙන තෙක් උපාය කෞශල්‍ය ඥානය හා සියුම් ප්‍රඥාවෙන් හේතු ඇති පිරිස හසුරවා ඔවුන් අතුරෙන් සුදුසුකම් ඇති පිරිස පමණක් රැස්කරවා, අනන්ත වූ ධර්මයන්ගේ පිහිටන්නා වූ සමාධියට නොහොත් අනන්ත නිර්දේශ පතිට්ඨාන සමාධියට සමවැදීමෙන් අනතුරුව මහා නිමිතිවලින් යුතු මහා ප්‍රාතිහාර්ය පා දේශනාකරනු ලබන අවසාන ධර්ම දේශනාවෙන් විශ්වයේ අනන්ත වූ සෞර්ය ග්‍රහමණ්ඩල ඇති බවත් ඒ අතර මනුෂ්‍ය ලෝක 18000ක් තිබෙන බවත් ගෞතම බුදුන්වහන්සේ වැඩ වාසය කරද්දී ඒ ඒ මනුෂ්‍ය ලෝකවල බුදුවරු 16ක් වැඩසිටින බවත් දේශනා කර ඒ සියල්ල දැකගැනීමට හා දේශනාවල් අසා දැනගැනීමට හැකිවන අයුරු අලෝක රශ්මිධාරාවක් නළල් තලයේ ඇති උෟර්ණරෝම ධාතුවෙන් නිකුත් කළ බවත් සියලු ලෝක 3ට බෙදා දේශනා කර ඇති නිසා තුන්ලෝකාග්‍ර ලෙස උන්වහන්සේ හඳුන්වනවා..