හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගිය අටදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මොවුන් හිමාලය කඳුවැටියේ දෙවනියට උසම කන්ද වන නන්දා දේවී තරණය කිරීම සඳහා ගොස් සිටියදී මෙලෙස අතුරුදන්ව ඇත.
මෙම කණ්ඩායමේ බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව්දෙනකු, ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනකු, ඕස්ට්‍රේලියානු ජාතිකයකු සහ ඉන්දියාකු සිටි බවත් ඔවුන් මැයි 13 වැනිදා ගමන් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේවුවද සැලසුම් කර තිබූ වේලාවට ඔවුන් කඳවුර වෙත නොපැමිණි හෙයින් සෙවීම් ආරම්භ කළ බව බලධාරීහු පවසති.
අධික හිමපතනය සහ වර්ෂාව හේතුවෙන් සෙවුම් කටයුතු දුෂ්කර වී ඇතැයි පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනිතලා පොළවේ පයගහලා ඉන්න බැරි හිරිවාතේ... ඔවුන්ගේ ඇඟපුරාම මොලේ.