වසර 40කට පසු විශාල සුදු මෝරෙකු ස්පාඤ්ඤ මධ්‍යධරණී දූපතක් වන මැජෝකා වලට නුදුරින් දක්නට ලැබුණු බව වාර්තා වේ. 


 මෝරා වනජීවී සංරක්ෂණ කණ්ඩායමකට දර්ශනය වී ඇති අතර  ඔවුන් ගමන් කල බෝට්ටුවට මීටර් තුනක් පමණ දුරින් පිහිනමින් සිටි බව පැවසේ. පැයකට වැඩි කාලයක් මෝරා මෙලෙස මුහුදේ සැරිසරමින් සිටිනු දක්නට ලැබී ඇත.
මෙවැනි සුදු මෝරෙකු අවසන් වතාවට 1976 වර්ෂයේදී බැලියරික් දූපත් ආසන්නයේදී ධීවරයෙකුට හමුවී ඇති අතර එයින් පසු වෙනත් කිසිම ස්ථානයකින් වාර්තා නොවුණු බව සඳහන් වේ.


වැඩුනු සතකු ටොන් දෙකක් දක්වා බර වියහැකි අතර උපරිම අඩි 20ක් දක්වා වර්ධනය වන බවත් පැයට කිලෝමීටර් 64ක වේගයෙන් පිහිණිය හැකි බවත් සත්ත්ව විද්‍යාඥයෝ පවසති.

 


(බීබීසී ඇසුරිනි 085)