චීනයේ හොංකොං නගරයේ පරිපාලන ගොඩනැගිල්ල වටකර සිටින විරෝධතාකරුන් පිරිසක් මැඩපැවැත්වීම සඳහා හොංකොං පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වූ විරෝධතාකරුවන් එහි දේපළවලට බරපතල හානි සිදුකළ බවද බලධාරීහු පවසති.
"හොංකොං යනු චීනය නොවේ", "හොංකොං නිදහස් කරනු" යනුවෙන් වැකි සහිත පුවරු රැගත් දහස් ගණනක් විරෝධතාකරුවන් පරිපාලන ගොඩනැගිල්ල වටකර පැය ගණනාවක් රැඳී සිටි බවද සඳහන් වේ.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති හොංකොං බල ප්‍රදේශය චීනයට පැවරීමේ සංවත්සරය වෙනුවෙන් මොවුහු වීදි බැස විරෝධතාවයේ යෙදුනහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd