සිය රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් මොන්ගෝලියානුවන් වීදි බැස විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වේ.

මොංගෝලියාවේ අගනුවර වන උලන්බතා නගරයේ මෙම විරෝධතා පැවතිණ.

ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකිවීම හා දූෂණ වංචා හේතුවෙන් රජය ඉල්ලා අස්විය යුතු බව ඔවුහු පවසති.

2016 වර්ෂයේ සිට මොංගෝලියාව මෙම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අතර රජය දුන් පොරොන්දු ඉටු නොකළ බව විපක්ෂය චෝදනා කරයි.

මොංගෝලියානු ජනතා පක්ෂයට ආණ්ඩු බලය හිමිව ඇති අතර ජනාධිපතිවරයා විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයෙකි.

මෙම පාර්ශව දෙකටම එරෙහිව ජනතා විරෝධය එල්ලවී ඇත. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)