
මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය පවසන්නේ ඩුවෙන්ට්සා නගරය අසල පිහිටි සාම සාධක භටයන්ගේ කඳවුරකට ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
අල්කයිඩා හා ඉස්ලිම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ද සටන්කාමී කණ්ඩායම් නිරතුරුවම සාම සාධක භටයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නමුත් මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතක් අනාවරණය වී නොමැත.
මෙහෙයුම් ප්‍රධානී සල්ගාඩෝ පවසන්නේ ප්‍රහාරය තරයේ හෙලා දකින බවය.
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු නියෝග කර තිබේ.
මේ වනවිට මාලිහි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 14,000 ක් පමණ සිටිති. ඔවුන් 2013 වසරේ සිට සේවයේ යොදවා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලි රාජ්‍යයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 20 ක් තුවාල ලබති