වසර 1994දී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත්කිරීමට එරෙහිව එරට අධිකරණය විසින් ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් නවදෙනකුට මරණ දඬුවම ද තවත් පුද්ගලයින් 25දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ද නියම කර ඇත.
සිද්ධියට සම්බන්ධ තවත් 13 දෙනකුට වසර 10 බැගින් සිරදඬුවම් ද නියම කර ඇතැයි වාර්තා වේ.
ඒ වන විට ෂෙයික් හසීනා බංගලාදේශයේ විපක්ෂ නායිකාව වූ අතර ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙගම් ඛලීඩා සියා අගමැතිනිය විය.
මේ වන විට ඛලීඩා සියා හා ඇගේ බංගලාදේශ ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය වේ.
ෂෙයික් හසීනා ගමන් කළ දුම්රියට බෝම්බ වීසි කර වෙඩි තබා ඇයව ඝාතනය කිරීමට තැත් කළ බව සැකකරුවන්ට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාව විය.
ඩකා අගනුවරින් කිලෝමීටර් 160ක් දුරින් පිහිටි පබ්නා නගරයේදී මෙම ප්‍රහාරය එල්ල විය.
රජයට එරෙහිවන්නන් හා විවේචනය කරන්නන් මර්දනය කිරීම සහ සිරගත කිරීම සම්බන්ධව හසීනාගේ රජය වෙත චෝදනා එල්ල වී ඇති අතර හිටපු අගමැතිනී ඛලීඩා සියා ද දූෂණ චෝදනා මත මේවනවිට සිරගතව සිටියි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංගලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයින් නවදෙනකුට මරණ දඬුවම