ඉන්දියාවේ දිල්ලි නුවර එකම පවුලක 11දෙනකු නිවස තුළ මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය පවසයි. මොවුන් සියළු දෙනාගේම දෑත් පිටුපසට කර ගැටගසා තිබූ බවත් ඇස් බැඳ තිබූ බවත් පැවසේ. 
 
මියගිය අයගෙන් දහදෙනෙකුගේ සිරුරු සීලිමේ එල්ලී තිබී ඇති අතර 70 වියැති කාන්තාවකගේ සිරුර බිම වැටී තිබී හමුවී ඇත. 
 
මරණ වලට හේතුව පැහැදිලි නොමැති බව පොලිසිය පවසන අතර මෙය ඝාතනයක් නොවන බවද පවසා ඇත.
 
මෙම නිවස තුළ කිසියම් ගුප්ත ක්‍රියාකාරකමක් සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
 
කෙසේ වුවද මරණ පරීක්ෂණයේ තීරණය ලැබෙන තුරු ස්ථිරවම කිසිවක් පැවසිය නොහැකි බවද ඔවුහු කියති.
 
(බීබීසි ඇසුරිණි - 085)