IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තායිලන්ත ගුහාවේ සිරවුණු දරුවන් පිටතට ගැනීමට දැවැන්ත මෙහෙයුමක්

තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවී සිටින සොකර් කණ්ඩායම පිටතට ගැනීම සඳහා බේරාගැනීමේ කණ්ඩායම් දැවැන්ත සටනක යෙදී සිටින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

ගුහාවේ පිවිසුම් මාර්ගයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවී පැවතීමත් දරුවන් කිසිවකුටත් පිහිණීමට නොහැකි වීමත් හේතුවෙන් මෙම ඛේදජනක තත්ත්වය උදාවී ඇත. 

කෙසේ වුවද දරුවන් බේරා ගැනීම පමාකිරීම අවදානම් බවත් ජල මට්ටම තවදුරටත් ඉහල ගියහොත් ඔවුන් දැනට රැඳී සිටින උස් ස්ථානයද ජලයෙන් යටවීමට ඉඩ ඇති බවත් පැවසේ. දරුවන් රැඳී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම අඩුවීමේ අවදානමක් පවතින බවටද සහන කණ්ඩායම් අනතුරු අඟවා ඇත. 

ගුහාව නැරඹීමට ගිය දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහා දොරටුව ජලයෙන් වැසී යාම නිසා සිරවූ අතර දින නවයක දීර්ඝ හා වෙහෙසකර මෙහෙයුමකින් පසු දරුවන් සිටින ස්ථානය සොයා ගැනින. බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ ගුහා කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් මෙසේ කණ්ඩායම සොයා ගත්තද ඔවුන් පිටතට ගැනීම ලේසි පහසු ක්‍රියාවක් නොවීය.

දරුවන්ට මේ වනවිට කෑම, උණුසුම් ඇඳුම් හා වෛද්‍යාධාර ලැබී ඇති අතර දෙමාපියන් සමඟ කථා කිරීම සඳහා දුරකථන සම්බන්ධතාවයක් ද සකස් කරමින් පවතී. 

ගුහාව පිහිටා තිබෙන චියෑං රායි ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ වියලි කාලගුණයක් පැවති හෙයින් ගුහාවේ රැඳී පවතින ජලය පිටතට පොම්පකිරීම සිදුකරන බව බේරා ගැනීමේ කණ්ඩායම් පවසති. මේ වනවිට වතුර ලීටර් මිලියන 128ක් පොම්ප කර ඇති අතර ජල මට්ටම පැයකට සෙන්ටි මීටර් 1.5ක වේගයෙන් අඩුවන බව පැවසේ. එහෙත් ඉරිදා වනවිට මෝසම් වැසි සක්‍රිය වන බවට අනාවැකි පල කර ඇති හෙයින් මෙය ජලයට එරෙහි සටනක් බව චියෑං රායි නගරාධිපතිවරයා පවසයි.

මෙසේ ජල මට්ටම අඩුකර දරුවන් පිටතට ගැනීමේ උත්සාහය අතර තුර වෙනත් විසඳුම් සම්බන්ධවද සොයා බලන බව නගරාධිපතිවරයා තවදුරටත් පවසයි. ගුහාවට පිවිසිය හැකි වෙනත් කවුළුවක් සොයා ගැනීම එක් අරමුණකි. 

තායි නාවුක කිමිදුම් කරුවන් දරුවන්ට කිමිදීමේ අභ්‍යාස පුහුණු කරන බවද පැවසේ. කෙසේ වුවද නාවුක කිමිදුම් කරුවන් පවසන්නේ මේ ක්‍රමයට දරුවන් පිටතට ගැනීම අතිශය අවදානම් ක්‍රියාවක් බවයි.දරුවන් කිහිපදෙනකුගේ සහ පුහුණුකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බවද වෛද්‍යවරුන් පවසා ඇත.

(බීබීසී ඇසුරිණි -085)



අදහස් (2)

තායිලන්ත ගුහාවේ සිරවුණු දරුවන් පිටතට ගැනීමට දැවැන්ත මෙහෙයුමක්

jayath Friday, 06 July 2018 12:42 AM

මේ රටේත් මේ කෝටි ගණනක ජනතාවක් ඔයිට වැඩිය බයංකාර අඳුරු ඉමක් කොනක් නොපෙනෙන ගුහාවක හිරවෙලා ඉන්නේ 1948 ඉඳලම ගලවගන්න කව්රුවත් නැ.

:       61       7

ranesh Friday, 06 July 2018 03:10 AM

කිසිවකු හට අනතුරක් නොවේවා.......

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site