ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුණ ගැසීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ජූලි 22 වැනිදා වොෂින්ටනයට යන බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (4) නිවේදනය කළේය.
මෙම හමුව ඇමෙරිකානු ජනාධිපතිවරයකු සහ පාකිස්තාන අගමැතිවරයකු මුණ ගැසෙන දුලබ අවස්ථාවක් වනු ඇත.
පසුගිය මාස කිහිපයේදී ඇමෙරිකාව සහ පාකිස්තානය අතර සබඳතා හොඳ මට්ටමක නොපැවැතුණු අතර අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරය කරන්නේ එරට ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරාධනයක් අනුව යැයි ද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා නැවත වරක් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව ද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
වසර 18ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන ඇෆ්ගන් යුද්ධය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව ද පැවසේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd