IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජී 20 සමුළුව අදින් ඇරඹෙයි

ජී20 ජාතීන්ගේ සංවිධානයේ නායකයන් ජපානයේ ඔසාකාහිදී අද (28) හමුවීමට නියමිතය අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව මෙය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. 

වසර 2008 දී ලීමන් සහෝදරවරුන්ගේ කඩා වැටීමත් සමඟ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව ජී20 රටවල නායකයන් ඇමෙරිකාවේ වොෂින්ටන්හිදී මුණ ගැසිණි. එහිදී ඔවුහු අනාගතයේ දී එවැනි අර්බුදයක් ඇතිවීම වළක්වාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළහ. එමෙන්ම එවකට සිටි නායකයෝ ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේ දැයි සාකච්ඡා කළහ.

ඉන් දශකයකට පසුව ලෝකය නැවතත් එවැනිම විශාලම අභියෝගයකට මුහුණ දී සිටින අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර තිබෙන වෙළෙඳ යුද්ධයයි. 

ලොව විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකාවත් චීනයත් අතර පවතින වෙළෙඳ යුද්ධය නිසා ලොව පුරා ව්‍යාපාර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ගෝලීය ආර්ථිකය අඳුරු සෙවණැල්ලකින් වැසී ගොස් තිබේ. 

ජී20 සමුළුව අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර හමුවක් හෙට (29) පැවැත්වීමට නියමිත අතර ඒ හමුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වැඩි අවධානයකින් පසුවෙති. 

ඉන්දියාවේ වානේ සහ ඇලුමීනියම් සඳහා ඉහළ බදු පැනවීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පසුගිය 15 වැනිදා ඇමෙරිකානු නිෂ්පාදන 28ක් මත ඉහළ තීරු බදු පැනවීය. මේ ආකාරයෙන් ඇමෙරිකාව චීනය සමඟ පමණක් නොව ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථිකවලට හිමිකම් කියන රටවල් රැසක් සමඟ වෙළෙඳාම සම්බන්ධයෙන් මතභේද ඇති කරගෙන තිබේ. 

අවසන් වරට ජී20 නායකයන්ගේ හමුවක් පැවැත්වුණේ මීට මාස හතකට පෙර බුවනෝස් අයර්ස්හිදීය. එහිදී දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කරමින් දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකා සහ චීන ජනාධිපතිවරු එකඟවූහ. 

ජපානයේ ඔසාකා නුවරදීද නායකයන් දෙදෙනා එවැනි ආකාරයක සටන් විරාමයකට එළැඹෙනු ඇතැයි පැවසේ.

 (ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි)

 055



අදහස් (0)

ජී 20 සමුළුව අදින් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site