ජර්මනියේ උතුරු දිග රෝහල් දෙකකදී සිදුකළ මනුෂ්‍ය ඝාතන 85කට වැරදිකරු වූ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ නියෙල්ස් හොගෙල්ස්ගේ ඝාතන රටාව තේරුම් ගැනීම අසීරු බවයි.
හොගෙල්ස් හෙද නිලධාරියෙකු ලෙස සේවය කරන කාලයේ මෙම ඝාතන සිදුකර ඇත.
එම තීන්දුව ලබාදෙන විටත් ඔහු ඝාතන දෙකකට වරදකරුවී සිරදඬුවම් විඳිමින් සිටියේය.
මෑත ඉතිහාසයේ ජර්මනියේ සිටි භයානකම මිනීමරුවකු ලෙස හොගෙල්ස් හඳුන්වා ඇත.
කෙසේවුවද තමා සිදුකළේ මරණ 65ක් පමණක් බව හොගෙල්ස් පවසයි.
මාරාන්තික මාත්‍රා වලින් ඖෂධ ලබාදීමෙන් මරණ කිහිපයක් සිදුකර ඇතැයි ඔප්පු වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ජර්මනියෙනෙ. මෙහෙ එහෙම නෑ.
මෙහේ ඕක උනානම් මේ මනුස්සයා නිවැරදි කාරයා. අපෙ කට්ටිය කියයි දොස්තර දන්නෙ නැතුව හෙදියකට මේක කරන්න බෑ. අනෙක් හෙදියො ඉදිද්දී කොහොමද එයාලට හොරෙන් මෙහෙම කරන්නේ. බෙහෙත් මාත්‍රාව වැඩිපුර ගන්න බෑ. ඒව පරීක්ෂා කරනවා. මේක හොරෙන් කරන නිසා මේයගේ සේවා කාලයේම 30 කට වඩානම් කොහොමත් කරන්න බෑ. අම්මෝ අපේ කට්ටිය හරි බුද්ධිමත්නේ...
හිට්ලර් ගේ අවතාරේ වෙන්න ඕන , සාෆි දොස්තර ගේ සගයෙක් වත්දෝ කියල මට නිකමට හිතෙනවා