ජර්මනියේ හාලේ නගරයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් කිහිපදනෛකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
හමුදා ඇඳුමට සමාන ඇදුමකින් සැරසී මොවුන් පැමිණ ඇති බව සඳහන් වේ.
හාලේ නගරයට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි ලෑන්ඩ්ස්බර්ග් නගරයේ ද ඩෙඩි තැබීමක් වාර්තා වී බවත් සිද්ධි දෙක අතර සම්බන්ධතාවයක් ඇත්ද යන්න සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd