IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජම්මු - කාශ්මීරවලට පනවා ඇති සීමා ඉවත් කරනවා

සිය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට පනවා තිබෙන සීමා ක්‍රමයෙන් ඉවත් කරමින් තිබෙන බව ඉන්දියාව අද (10) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියට සිය ජාතික වාර්තාව ඉදිරිපත් කරමින් ඉන්දියාව ඒ බව දැනුම් දුන්නේය.

පාකිස්තානයේ සහාය ලැබෙන සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙන බවත් දේශසීමා ත්‍රස්තවාදය උත්සන්න වී ඇති බවත් ඉන්දීය දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්හ.

ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉන්දියාවේ ස්වෛරීභාවයට අයත් යැයි ද ඔවුහු කීහ.

ඉන්දියාව මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ජම්මු සහ කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීමෙන් පසුවය.

ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා එල්ල වී ඇති බවත් කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් කාශ්මීරයට පනවා තිබෙන සියලු සීමා ඉවත් කරන ලෙසත් මහ කොමසාරිස්වරිය සිය කතාවේදී සඳහන් කළාය. ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රතිචාර දැක්වූයේ ඉන් දිනකට පසුවය.

ද හින්දු ඇසුරිනි 

055

 



අදහස් (0)

ජම්මු - කාශ්මීරවලට පනවා ඇති සීමා ඉවත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site