මධ්‍යම චීනයේ කින්හයි පළාතේ මාර්ගයක බස් රථයක් ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් මරණයට පත්වී තවත් 16 දෙනෙක් තුවාල ලැබූහ.
අනතුරට ලක්වූවන් අතර පදිකයෝ පිරිසක් ද වෙති.
බස් රථය ගිලාබැසීමෙන් සුළු මොහොතකට පසු කිසියම් පිපිරීමක් සිදුවන බව සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.
මෙහිදී මාර්ගයේ ඇතිවූ වලේ ගැඹුර මීටර් 10 ක් හෙවත් අඩි 32 ක් පමණ වෙයි.
චීනයේ ඇතැම් මාර්ග ඉදිකිරීමේදී ඇතිවන දෝෂ හේතුවෙන් පසුගිය වසරවලදී සිදුවූ මෙවැනි අනතුරුවලින් පුද්ගල මරණ කිහිපයක් සිදුවිය.
2018 වසරේදී සිදුවූ මෙවැනි අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු මියගිය අතර 2013 වසරේදී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි විය.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර මැද මෙවැනි ගිලාබැසීම්වලට හේතු කිහිපයක් තිබෙනවා. මාර්ගය යට හුණුගල් ඇත්නම් එය සේදීයාමෙන් සහ මාර්ගය යට ඇති වතුර නලයක් ප්ලුදුවීමෙනුත් සිදුවිය හැකිය. එවැනි මාර්ගයක යට ඇති අධි බල විදුලි කේබල් විසන්ධිවීමෙන් පිපිරීම් සිදුවිය හැකිය. ඔය දේශපාලුවන් කියන පල් බොරුවලටත් මහා පොළව ගිලාබසින්නේ නැද්ද?