කොංගෝ රාජ්‍යයේ බටහිර මායි නුඩොම්බෝ ජලාශයෙහි බෝට්ටුවක් ගිලී යෑමෙන් 45 දෙනකු මියගොස් 200 ක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

එම යාත්‍රාවේ 400 කට වැඩි පිරිසක් ගමන්කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

මෙම පිරිසෙන් වැඩි දෙනෙකු තමන්ගේ වැටුප ලබාගැනීම සඳහා බෝට්ටුවෙන් ගමන් කළ ගුරුවරුන් බව ද සඳහන් වේ.

මියගිය අය අතර දරුවෝ 11 දෙනෙක් සිටිති. බෝට්ටුවේ නියමුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වුවද සෙවීමේ කටයුතු අවසන් කිරීම සඳහා සති දෙකක් පමණ ගතවනු ඇතැයි පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)