IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෙන්යානු ගුවන් යානයක සැඟවී ගිය පුද්ගලයකු ලන්ඩනයට ඇද වැටෙයි

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගොඩබැස්වීමට ගිය යානයක රෝද අඩංගු කුටියේ සැඟවී සිටියේ යැයි සැකකරන පුද්ගලයකුගේ සිරුර අසළ ගෙවත්තක වැටී තිබියදී හමුවී ඇතැයි වාර්තා වේ.

ක්ලැෆැම්හි ඔෆර්ටන් මාර්ගයේ ගෙවත්තකින් මෙම සිරුර හමුවී ඇත.

නයිරෝබි සිට පැමිණි කෙන්යා ගුවන් සේවයට අයත් යානයකින් මොහු ඇදවැටෙන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

අසළ පිහිටි ගෙවත්තකට මිනිසෙකු ඇදවැටෙනු දුටු බව එම ප්‍රදේශයේ නිවැසියකු පවසා ඇත.

සිරුර ඇදවැටුණු ස්ථානයේ පිහිටි නිවසේ හිමිකරු පවසා ඇත්තේ විශාල ශබ්දයක් ඇසී ඉහළ මහලේ ජනේලයෙන් බලන විට ලේ වැකුණූ සිරුරින් යුතු මිනිසෙකු බිමවැටී සිටිනු දුටු බවයි.

මිදුලේ හා බිත්ති වලද ලේ විසිරී තිබුණු බවත් සිරුර හඳුනාගත නොහැකි තරම් පොඩි වී තිබුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ගුවන් ගමන් නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයකු ද මෙම සිද්ධිය නිරීක්ෂණය කර ඇතැයි පොලිසිය පවසයි.

කෙන්යා ගුවන් යානයේ රෝද කට්ටල රඳවන කුටියේ තිබී බෑගයක්, ජලය සහ ආහාර සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ එසේ ඇදවැටුණේ නයිරෝබි ගුවන්තොටුපළ සේවකයකු බවට සැකකරන බවයි. මෙවැනි සිදුවීම් විටින් විට වාර්තා වන බව හීත්‍රෝ ගුවන් බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

කෙන්යානු ගුවන් යානයක සැඟවී ගිය පුද්ගලයකු ලන්ඩනයට ඇද වැටෙයි

polish Friday, 05 July 2019 06:31 AM

මෙම පුද්ගලයට නින්ද යාම නිසා හෝ සිහි නැතිව ගිය නිසා දොර විවෘත කරන විට පහලට වැටෙන්න ඇති නියමුවා කලින් දැනුම් දුන්නේ නම් අනතුර මග හැර ගන්න තිබුණා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site