ඕස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේදී තුවක්කුකරුවකු විසින් හතරදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මෙම පුද්ගලයා ස්ථාන හතරකදී එම ඝාතන සිදුකර ඇත.

මෙහිදී එක් අයෙකු තුවාල ලබා ඇත.

 වෙඩිතැබීමෙන් පැයකට පමණ පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති  බවත් ඔහු 45හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කර ඇත.

සැකකරු තනිවම මෙම වෙඩිතැබීම් සිදුකර ඇතැයි පෙනෙන්නට තිබෙන බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි.

1996 වර්ෂයේදි ගිනි අවි සම්බන්ධ නීති පැනවීමෙන් පසු සිදුවූ දරුණුම අපරාධය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)