IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අසාමාන්‍ය ලෙස පැතිරේ

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි පෙර නොවූ ආකාරයෙන් අසාමාන්‍ය ලෙස වර්ධනය වෙමින් පවතින බව බලධාරීහු පවසති.

මේ වනවිට ස්ථාන 90ක ලැවිගිනි හටගෙන ඇති අතර තද සුළං සහ සෙල්සියස් අංශක 35කට අධික උෂ්ණත්වය ගින්න තීව්‍ර කරන බව සඳහන් වේ.

දැඩි ලෙස නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල මෙම ලැව්ගිනි හටගෙන ඇත.

ස්ථාන කිහිපයක පුද්ගලයින් නිවෙස්වල සිරවී සිටින බවට වාර්තා වන නමුත් ගින්නේ ප්‍රබලත්වය හේතුවෙන් කාර්ය මණ්ඩලයට ඔවුන් වෙත ළඟාවීමට නොහැකි බව ගිනි නිවන අංශ පවසයි.‍

ගින්න මැඩපැවැත්වීම සඳහා භටයින් 1000ක් පමණ යොදවා ඇතැයි ද මේ වනවිට වෙරළබඩ කිලෝමීටර් 1000ක පමණ ප්‍රදේශයක් පුරා ගිනිගැනීම් පැතිර ඇතැයි ද ඔවුහු පවසති.

ක්වීන්ස්ලන්ඩ් හා ඕස්ට්‍රේලියාවේ බටහිර පෙදෙස්වලටද අනතුරු ඇඟවීම් කර ඇත.

නිව්සවුත් වේල්ස්හි පසුගිය සතියේ ඇතිවූ ලැව්ගිනි වලින් කෝලා වලසුන්ගේ අභය භූමියක් ඇතුළු හෙක්ටයාර 2000ක් පමණ විනශ විය.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අසාමාන්‍ය ලෙස පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site