IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරානයේ භූ කම්පනයකින් 4ක් මරුට-70කට තුවාල

ඉරානයේ වයඹ දිග ප්‍රදේශයේ හටගත් භූ කම්පනයකින් හතරදෙනකු මියගොස් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ ආර්ඩාබිල් නගරයට කිලෝමීටර් 83ක් උතුරින් රිච්ටර් මාපාංක 5.8ක කම්පනයක් හටගෙන ඇති බවයි.

හටගත් කම්පන හේතුවෙන් බොහෝ පිරිස් නිවාසවලින් පිටතට දිවගිය බවද ගොඩනැගිලි හා ගස් කඩාවැටීම් හේතුවෙන් අනතුරු සිදුවී ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

කම්පන කේන්ද්‍රය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරේ පිහිටා තිබූ හෙයින් ප්‍රබල කම්පන හටගෙන ඇති අතර මිලියන 20ක පමණ ජනතාවකට මෙම කම්පන දැනුණු බව සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉරානයේ භූ කම්පනයකින් 4ක් මරුට-70කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site