බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත.
ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත යැයි ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය ඒ බව ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම ඖෂධය වයිරස ආසාදිත රෝගීන්ට දිය යුත්තේ සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඉන්දීය වෛද්‍ය බලධාරීහු ද පවසා ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ පහ ඉක්මවා ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේදී ආසාදිතයන් 18,522ක් වාර්තා වූ අතර ඉරිදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ආසාදිතයන් 19,906ක් වාර්තා විය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ තවමත් සොයාගෙන නැත. වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය නිවේදනය කළේය.
‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය.
වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධය ඔසු සැල්වලින් ලබාගත හැකිය. වෛද්‍යවරු ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්ව සඳහා ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය නිර්දේශ කරති. වෛද්‍යවරු අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’නිර්දේශ කරති.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 5,000ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ලබාදුන් අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟ එම ඖෂධය භාවිතයෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කළ හැකි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු තීරණය කළහ.
මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවිත බේරාගැනීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට හැකි වූ බව එහිදි තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට භාවිතයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ද ඉන්පසුව ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට එය ලබා දීම සුදුසු යැයි එහිදි නිර්දේශ විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය දිය යුත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට පමණක් යැයි ප්‍රකාශ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත.
එන්.ඩී.ටීවී.
055

2025 දෙසැම්බර් මස 18
678
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර