IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඇෆ්ගනිස්තානයේ මංගලෝත්සවයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 80ට නගී

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති විවාහ මංගල්‍යය උත්සවයකට පසුගිය සතියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 80ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දෙදෙනක් අද (21) ප්‍රකාශ කළහ. 

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දී එම බෝම්බ ප්‍රහාරය එල්ල වූ අතර ප්‍රහාරයෙන් 63 දෙනකු මියගිය බව එරට නිලධාරීහු ඉරිදා පස්වරුවේ ප්‍රකාශ කළහ. එහෙත් තුවාල ලබා සිටි ඇතැම් පුද්ගලයන් පසුව මියගිය බවත් ප්‍රහාරයෙන් මියගිය ගණන මේ වනවිට 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රත් රහ්මි පැවැසීය. 

“තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් 17 දෙනකු මියගිය. 160කට වැඩි පිරිසක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා” යැයි ඔහු කීවේය. 

තුවාල ප්‍රතිකාර ලබමින් සිටින 160 දෙනාගෙන් වැඩි දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ඇතැම් පුද්ගලයන්ට ශල්‍යකර්ම පවා කළ නොහැකි බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. 

ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. 

ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇෆ්ගන් වැසියන්ගෙන් එරට රජයට දැඩි පීඩනයක් එල්ල වී තිබෙන අතර බොහෝ ඇෆ්ගන් වැසියන් ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සව යනාදිය අවලංගු කර ඇතැයි වාර්තා වේ. මෙම කාලය ඇෆ්ගන් වැසියන්ගේ එරට බහුතර ප්‍රජාව වන මුස්ලින් වැසියන්ගේ උත්සව සමයකි. එසේ වුවද ඔවුන් බොහෝ දෙනකු ඔවුන්ගේ උත්සව ආදිය අවලංගු කර ඇත. 

සටන්කාමීන්ට එරෙහිව යුද්ධය නිසා මේ වසරේ පළමු මාස හයේදී ආසන්න වශයෙන් ඇෆ්ගන් වැසියන් 3,812 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද රජයේ හමුදා සහ විදෙස් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ජූලි මාසයේදී සඳහන් කළේය. 

පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව කාබුල් අගනුවර පමණක් විවාහ මංගල්‍යය උත්සව 25කට වැඩි සංඛ්‍යාවක් කල් තබා ඇතැයි පොලිසිය සඳහන් කළේය. ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ තලේබාන් සංවිධාන අතර සාකච්ඡා අවසන් අදියරේ තිබෙන බැවින් අයි.එස්. සංවිධානය ඉදිරියේදී ප්‍රහාර එල්ල කරනු ඇතැයි ද පැවසේ.

“අපි රජයට බදු ගෙවනවා. අපේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. ආරක්ෂා වීමට අපට අයිතියක් තිබෙනවා” යැයි විවාහ මංගල්‍යය උත්සව ශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධානී මොහොමද් නදීර් පැවැසීය. උත්සව ශාලා 100කට වැඩි ප්‍රමාණයක හිමිකරුවෝ මෙහි සාමාජිකයෝ වෙති. 
 
(රොයිටර් ඇසුරිනි)
 
055


 



අදහස් (1)

ඇෆ්ගනිස්තානයේ මංගලෝත්සවයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 80ට නගී

Sugath Friday, 23 August 2019 04:02 AM

මේ හැම එකටම මුල අර කන්‍යාවන් 72 තිබෙන පෙරේත කම .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site