අසභ්‍ය පින්තූර ගෙන්වා කප්පම් ගැනීම් යළි කරලියට
ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.