IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දුරකතන සංවාදය ඇත්ත එකක්‘

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.
 
සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20)  සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.
 
සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.
 



අදහස් (48)

‘දුරකතන සංවාදය ඇත්ත එකක්‘

Chandana F Sunday, 22 September 2019 09:04 AM

සත්‍ය පිළිගැනීම අවංකකමේ ප්‍රතිමූර්තියයි

:       3117       1221

VajiraSunday, 22 September 2019 09:19 AM

ඇය එතැනදී කියන්නේ රැකියා අහිමි වී දුකට පත්වුණු පවුල් සම්බන්ධයෙන් ඇය පසුතැවිලි වන බවයි. මේ හඬපටිය සංවාදයේ කොටසක් විතරයි. සම්පූර්ණ සංවාදය අසනතුරු නිගමනයකට ඒම සුදුසු නැහැ. මේ හොරුන්ට දේශපාලන රැකවරණය තියෙනතුරු නිලධාරින් අසරණයි. බන්ධනාගාර රෝහලේ ඉන්න ඕන මිනිහා කොහොමද සිංගප්පූරු රෝහලේ ඉන්නේ?

:       5273       5683

samanSunday, 22 September 2019 11:55 AM

ඕවා යහපාලන තර්ක වජිර.. මෙවැනි තනතුරක් දරන නිලධාරියකුට විත්තිකරුවකු සමග මෙවැනි සම්බන්ධතා පැවැත්වීම සපුරා තහනම්... අවශ්‍ය නම් ආයතන සංග්‍රහය කියවා බලන්න. නීතිය හරියට නොදැන කමෙන්ට් කිරීමෙන් ඔබගේ බුද්ධියේ තරම ලෝකයාට පේනවා...

:       814       1038

BamunuarachchiSunday, 22 September 2019 12:58 PM

මේ මිනිස්සු කිසියම් දෙයක කොනක් අල්ලගෙන තමන් හිතන දේ නිර්මාණය කරන කට්ටියනේ.. එම නිසා ඔවා ගැන පුදුමවෙන්න එපා. කපුටා පිහාටු වමනේකලා කියන කතාව අහලා තිබෙනවනේ...

:       392       411

janahithaMonday, 23 September 2019 04:54 AM

ඔය කියන්නේ ඔබ තුමාගේ සහ අඹු දරුවන්ගේ බඩට 20 වසරකට සැහෙන්න ගහපු මහා බැංකු ලොක්කෙක් ගැනද ?

:       21       56

tdSunday, 22 September 2019 12:22 PM

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ සමග තිබූ දුරකථන සංවාදය හොඳින් විශ්ලේෂණය කිරීමේදී එතුමිය නොකියා කියා තිබෙන්නේ ලංකාවේ තිබෙන වර්තමාන දේශපාලන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් වියයුතුබව නොවේද?

:       25       339

BamunuarachchiMonday, 23 September 2019 01:56 AM

එක එහෙම උනානම් ඒ කතාව දෙදෙනෙක් අතර වූ පුද්ගලික කතාවක්. අනික ඒ කතාව සම්පුර්ණ ඇත්තක්. අපිත් කියන්න දියවන්නාව සුනාමියකට යට වෙයන් කියලා.

:       28       10

NishanMonday, 23 September 2019 12:10 AM

ඇයට සත්‍ය පිළිගන්න වෙනවා. නැහැයි කිව්වොත් තවත් අමාරුවේ වැටෙනවා. මෙතන ඇය ඉතා බරපතල විදියට ආයතන සංග්‍රහය උල්ලංගණය කොට තිබෙනවා. සදාචාරයක් ඇත්නම් වරද පිලි අරන් නිකන් ඉදලා මදි ඇය ඉල්ලා අස් විය යුතුයි.

:       27       80

somaMonday, 23 September 2019 03:03 AM

දේශපාලකයන්ගේ ලනු ගිලල වමාරන්න බැරුව දඟලනවා. අන්තිමට පාඩුව රටටයි

:       1       6

Amila Sunday, 22 September 2019 09:21 AM

නිකන් දේශපාලනය කරන අයගේ කුණුගොඩවල් නිසා රැකියාවත් නැතිකරගන්න වෙන්නේ.. ඔය දේශපාලනය කරන නිල්, කොළ සහ රතු එකම කණ්ඩායමක්. ඔවුන් එකිනෙකා රකිනවා. අන්තිමට ගිරේට අහුවෙන්නේ නිලධාරීන් විතරයි. හැබැයි ඔය ඇවන්ගාර්ඩ් සිද්ධිය තනිකරම ඉරිසියාවට කරපු දෙයක්..

:       1707       1903

MaheeSunday, 22 September 2019 12:55 PM

සමහරවිට ඉරිසියාවට වෙන්නත් පුළුවන් තමයි. ඒ මොකද, දැන් මේ මුහුදු ආරක්ෂක සේවය සපයා දීමෙන් නාවික හමුදාව ඩොලර් කෝටි ගණනක් රජයට උපයා දෙනවා. ඉස්සර ඒ කෝටි ගණනම ගියේ පුද්ගලික සාක්කුවලට. රජයේ ගිනිඅවි ආදිය පාවිච්චි කරමින් ජනතාවට ලැබිය යුතු දේ පුද්ගලික සාක්කු පුරවා ගන්නකොට මෛත්‍රීටයි, ආණ්ඩුවටයි ඒ දවස්වල ඉරිසියා හිතෙන්න ඇති නේද?

:       311       911

senarathSunday, 22 September 2019 04:33 PM

මහි දන්නවද අද ඇත්තටම ඒ සේවය සැපයීමෙන් රජය ලබන අදායම කීයද කියලා? එදා නිශ්ශංක සෙනාධිපති ගෙවපු බදු මුදලවත් දැන් සොයන්නේ නැහැ. මේ රජය කලේ ඔක්කොම පලි ගැනීම් විතරයි. රටට වෙන පාඩුව ගැන හිතුවේ නැහැ.

:       0       0

lanka duvaMonday, 23 September 2019 01:04 AM

මහී, ඔය විදිහේ දෙයක් කරන්න මුලින්ම අදහසක් අරන් ව්‍යාපාරික ඥානය යොදවලා වැඩේ පටන් ගත්තේ කවුද. එවැනි මොලයක් රජයේ තිබුනාද. රාජ්‍ය සම්පත් අවභාවිතාවක් වුනානම් වෙනම ප්‍රශ්නයක් නමුත් යම්කිසි පුද්ගලයෙක් සංකල්පය සහ ක්‍රියාත්මක කිරීම තුලින් රටට සේවයක් කරානම් එය බලෙන් අරගෙන 'ජනසතු' කිරීමෙන් සිදුවන අනිකුත් ප්‍රශ්න මොනවාද. ඔය ආදායම 100%ක් සේනාධිපතිගේ සාක්කුවට ගියේ නැහැනේ, සෑහෙන කොටසක් ඔය ආයතනයේ රැකියාවන් කර අයගේ පඩියට ගියා නේද? එහි සේවකයන්ව ගසා කෑවා කියලා නැහැනේ. ඒ සල්ලි අපේ රටට ආවේ පිටරටින්. එතකොට එයින් පඩි අරන් අපේ අනික් විශ්‍රාම ගිය සාමාන්‍ය නාවික සෙබලුත් ජීවත් වුනා. ඉතින් ඒ ව්‍යාපාරය නැති කරද්දී අර සාමාන්‍ය ජනතාවට මොනවාද වුනේ. අනික මේ රජය කරේ කලින් ආණ්ඩුවේ කරපු හොඳ දේවලුත් විනාස කිරීම මිස වෙන දෙයක් නොවෙයි.

:       114       237

nishaMonday, 23 September 2019 02:56 AM

දැන් රජය උපයන අදායම ඉස්සර ලැබුන බදුමුදලට ගොඩක් අඩුයි

:       14       11

SenarathMonday, 23 September 2019 03:43 AM

ඩොලර් කොටි ගණන් නාවික හමුදාව උපයන බව කියන්න ඔබට සාක්ෂි තියෙනවද? අද ඒ සේවාව තියෙනවද කියලත් සැක සහිතයි. එ්වායේ වැඩකරන කිසි කෙනෙක් ගැන දැනගන්නවත් නැහැ. එහෙම ඩොලර් කෝටි ගණන් උපයනවානම් දැන් කොහොමද රුපියල මේ තරම් බාල්දු වෙන්නේ? ඒ සේවාව තමන්ගේ හිතවතුන්ට ලබාදීමට යාමෙන් සිදු උනේ රටට ලැබුණු විදේශ විනිමය නැති උණු එක.රජයක් මෙයට වඩා රට ගැන හිතල වැඩකරන්න ඕනේ. මේකත් හරියට 1977 දී "දාසල සමතලා කරනවා " කියල දාස සමුහ ව්‍යාපාරය නැත්තටම නැතිකළා වගේ. එහෙම නොවුනා නම් 1977 දී දාසලා මොනතරම් දේශීය කර්මාන්ත කලාද?

:       65       153

ajantha wanniarachchi Sunday, 22 September 2019 09:43 AM

ලංකාවේ ගෑණුද? අම්මෝ ගාවගත්තොත් ඉවරෙටම ඉවරයි. හරි ලස්සනයි මෙයාගේ කෙරුවාව. දැනට මේ ඇති...

:       1289       1498

kamal Monday, 23 September 2019 05:39 AM

පිළිගන්නේ නැතුව දැන් මොනවා කරන්නද මෙයා .. සාකච්චාව ලීක් උනාට පස්සේ .. සේනාධිපති ඔය ගහල තියෙන්නේ තුරුම්පු 2 කොලේ .. එතැනින්ම වැඩේ ක්ලෝස් . තුරුම්පු ආසියාව ගැහුවොත් මොන මොන අයගේ ඇඳුම් ගැලවෙයිද?

:       0       8

de silva Sunday, 22 September 2019 09:54 AM

මෙවැනි දේවල් මුලින්ම පිළිගන්න රාජ්‍ය නිලධාරියන් ලංකාවේ ඉන්නවා කියලා දැනගැනීමත් සතුටක්.., සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්නේ ජනාධිපති කොමිසමට ගිහින් මම ඉන්න ගෙදර අයිති කාටද? එම නිවස මගේ බිරිඳට තෑගිදුන්නේ මොන මිනිහද කියලා දන්නේ නැහැ කියලා කියන ජාතියේ නිලධාරින් සහ දේශපාලකයන්...

:       35       175

Hafeel Sunday, 22 September 2019 02:04 PM

මට මතක නැහැ, මම දන්නේ නැහැ... හොරා කාපු දේපලවලට වගකීම් බාරගන්න බැරි දේශපාලකයින් ඉන්න මේ රටේ, මෙතුමිය මේක පිලිගත්ත එක ලොකු දෙයක්...

:       2       178

Uditha - London Sunday, 22 September 2019 10:11 AM

ලංකාවේ දේශපාලනය කියන්නේ ගල් තියල හරියට බැදපු නැති අප පරණ ගමේ ගෙවල් වල තිබ්බ වල වැසිකිළි වගේ. වළ කඩන් වැටුනොත් වැටුනම තමයි

:       0       104

රවින් Sunday, 22 September 2019 10:14 AM

අර පහුගිය දවස්වල ආරංච්යක් ගියේ අස්වෙන්න ලිපියක් බරදුන්නයි කියලා. ඒ මේ දුරකථන සංවාදයෙන් පසුවද?

:       20       62

Suranga Bandara Sunday, 22 September 2019 10:17 AM

කාට වැඩ කලත්, නිවෙන්න නොදී අවුලපු එක නම් හොඳයි. ඒත්, මේ යන ගේම් එක්ක බලපුවහම මේක කාට ඇදපු ඉත්තෙක්ද දන්නේ එයාලම තමයි.

:       5       222

sena Sunday, 22 September 2019 10:28 AM

දුරකථන සංවාදය විකෘතියක් කියන එක ඕනෑම කෙනෙකුට තේරෙනවා.මට තේරුම් ගන්න බැරි මෙච්චර ලොකු නිළයක් දරන ගමන් චූදිතයෙක් සමග දුරකථනයෙන් කතා නොකළ යුතුයි කියන එක මේ මනුස්සයාට තේරුම් ගියේ නැත්තේ මොකද කියලා.

:       142       368

NissankaSunday, 22 September 2019 10:43 AM

මට හිතෙන්නේ දේශපාලකයෙක් තමයි මේ කෝල් එක අැවන්ගාඩ්ට අරන් දීලා තියෙන්නේ....

:       0       331

BamunuarachchiSunday, 22 September 2019 06:32 PM

බලන්නකෝ එකෙත් හැටි ඔබට තිබෙන දැනුම ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්ට නැහැනේ අම්මපා.

:       0       0

Asanka desapriya Sunday, 22 September 2019 10:41 AM

ගෑණුන්ගේ නුවණ හැදි මිටේ තරම්ලු. වැඩත් එ් වගේමයි.

:       216       270

BamunuarachchiSunday, 22 September 2019 06:17 PM

ඔයටික ගෙදර උන්දැට කීවානම් හරි ඇති. මේ ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජෙනරාල්, මෙය ගැන කතා කොරන්න ගිහිල්ලා ඔබේ ගොබ්බකම ලෝකෙට පෙන්වන්න එපා. ඉසෙල්ලා මේ පුද්ගලයින් කවූද කියා තේරුම් ගන්න.

:       0       0

රජයේ නිලධාරීයා Sunday, 22 September 2019 01:08 PM

රජයේ නිලධාරීන් චූදිත පුද්ගලයකු සමග පෞද්ගලික මත ඉදිරිපත් කිරීමට යාම ඉතාමත් අනුවණකමක්... මෙවැනි උගත් රජයේ නිලධාරීයකු මගින්. මෙයින් කියැවෙන්නේ රාජකාරිය කරන අතරේ දේශපාලනය කරන රජයේ නිලධාරීන් ගැනයි. ඒ කියන්නේ පසුගිය වකවානුවට පක්ෂපාතිය රාජකාරී කරපු නිලධාරීන් විදියට සලකන්න වෙනවා. පසුගිය අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන මෙයින් මොළේ කළඳක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්ද?

:       10       54

anura Sunday, 22 September 2019 01:14 PM

ජනාධිපතිවරණයටත් ටිකක් එන්න හිතුණා නේද? බැරි වෙලාවත් වුණා නම් ගම්පහ පැත්තේ එක්කෙනාට හපන් වෙයි.

:       27       37

නිලධාරීයා Sunday, 22 September 2019 01:16 PM

රජයේ නිලධාරීන් චූදිත පුද්ගලයකු සමග පෞද්ගලික මත ඉදිරිපත් කිරීමට යාම ඉතාමත් අනුවණ කමක්... මෙවැනි උගත් රජයේ නිලධාරියකු මගින්. මෙයින් කියැවෙන්නේ රාජකාරිය කරන අතරේ දේශපාලනය කරන රජයේ නිලධාරින් ගැනයි. ඒ කියන්නේ පසුගිය වකවානුවට පක්ෂපාතිය රාජකාරී කරපු නිලධාරීන් විදියට සලකන්න වෙනවා. එමෙන්ම දේශපාලනය කිරීම නීතිවිරෝධි වේ. පසුගිය අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන මෙයින් මොළේ කළඳක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ලැබුණත් ආරක්ෂක කටයුතු සම්බන්ධව පුද්ගලික ආයතනයකට රාජකාරී පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිවිරෝධියි. එමෙන්ම මෙවැනි වෙළඳ ගනුදෙනු ටෙන්ඩර් ක්‍රමයකට හෝ පුද්ගලික ආයතනයකට පැවරීම ඉතාමත් නීති විරෝධීය.

:       128       155

menna Sunday, 22 September 2019 01:21 PM

මෙතුමිය තම සේවය පෞද්ගලිකව අරගෙන. ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට උගන්වන්න ඕනේ තම සේවය පෞද්ගලිකව නොගෙන රාජකාරි කරන්නේ කොහොමද කියන එක... හැම කරදරයකටම මුල් වෙලා තියෙන්නේ තමන්ගේ රාජකරි පෞද්ගලිකව අරගෙන එයි කියලයි මට හිතෙන්නේ. මේක මෙතුමියටත් කරදරයක්, අහන් ඉන්න අපිටත් කරදරයක්... ලංකාවේ තත්වේ මේක නම් හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමට හැකිද? අනික ලංකාවේ රෝහල් නැතිවටද ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති සිංගප්පූරුවේ වෙදකම් ලබන්නේ..? මහබැංකුවේ සල්ලි වලින් බෙහෙත් හම්බ වෙන්නේ නොමිලේද දන්නේ නැහැ.. දිල්රුක්‍ෂි මහත්මියට වගේ සිංගප්පුරුවටත් ලංකාවේ මිනිස්සු ගැන අනුකම්පාවක් ඇතිවුණාද?

:       31       100

BamunuarachchiMonday, 23 September 2019 02:01 AM

අපිත් රජයේ සේවයේ සිටියාට පුද්ගලික මට්ටමින් රජයේ වැඩ පච කරලා කතා කරනවා. රජයේ සේවය දේශපාලනීය වෙච්ච රටක මේවා පුදුම නැත. එක කාටවත් නවත්වන්න බැහැ. වේදිකාවක නැගලා කියලා හෝ ප්‍රසිද්ද පුවත්පතක පල කලානම් වරදී වෙන්න පුළුවන්.

:       0       10

mennaMonday, 23 September 2019 09:38 AM

එහෙනම් රාජ්‍ය සේවයද ලංකාව විනාශ කරලා තියෙන්නේ? වැරදිදේ හරිය, හරිදේ වැරදිය කියන එකද රාජ්‍ය සේවය? ඉන්න හිතෙන රට කෙසේ වෙතත් කන්න හිතෙන එක අහන්න දෙයක්ද?

:       0       0

Lakmal Monday, 23 September 2019 03:00 AM

එයා තමන්ගේ සල්ලි වලින් කොහෙන් බෙහෙත් ගත්තත් ඔයාට මොකද.?

:       0       6

mennaTuesday, 24 September 2019 01:54 PM

මට ප්‍රශ්නයක් නැත. ප‍්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ජනමාධ්‍ය විසින් රැක්කොත් හොඳයි කියලා හිතෙනවා. එම පුද්ගලයාටද, අපටද කරදරයක්. අපට කරදරයක් වෙන්නේ ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නැතිවීම. ඇයි හැමෝම පිටරට රෝහල් වලට යන්නේ? වෛද්‍යවරුන්ටත් දේශපාලකයින්ගෙන් කරදරද? අපි හැමෝටම රට කාලා හරි පුළුවන් තරම් සල්ලි හොයාගෙන එකතුකරගෙන තියාගන්න වෙයිද? හැමෝම එහෙම කරන්න ගියොත් කොහොම වෙයිද?

:       0       0

Soma dubayi Sunday, 22 September 2019 01:27 PM

රාජපක්ෂවරුන් සොරාගත් බව දිල්රුක්ෂි මැතිණිය පැහැදිලිවම කිව්වා.

:       464       528

suddaMonday, 23 September 2019 07:28 AM

අගමැතිතුමා කියල තියෙනව දිල්රුක්ෂි මහත්මිය ඔවුන්ගේ පවුලේ මිතුරියක් බවත් මසකට වරක් පවුල් පිටින්ම රාත්‍රී අහාරයට යන බවත්. එවෙලාවේ වෙන්න ඇති කියන්න ඇත්තේ. එකම දේ කොහොමද දන්නේ.

:       0       10

කෞෂල්‍යා Sunday, 22 September 2019 01:43 PM

මේ අයට තමා උගත් මෝඩයන් කියන්නේ...

:       20       85

Kumar Sunday, 22 September 2019 02:22 PM

කියන්න තිබෙන්නේ එක දෙයයි. මේ නෝනත් මඩ ගාගත්තා කියන එකයි. දැන් ඉතිරිවෙලා ඉන්නේ එක හොඳ නෝනයි. ඒ නොනවත් රත්තරන් මුදාහරින වගේ වැඩක් නොකර ඉන්නවා නම් තමයි හොඳ.

:       66       6

BamunuarachchiSunday, 22 September 2019 06:24 PM

ඇත්ත ඇත්ත ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්ට ඔබට තරම් දැනුමක් නැහැ වගේ.

:       0       0

යාපා Monday, 23 September 2019 12:23 AM

යහපාලනය කියන්නේ බොරුවක්ම විතරයි. අවුරුදු 5ක් තිස්සේ බොරු චෝදනා හැදුවා. නමුත් එකම එකක්වත් ඔප්පුකරගන්න බැරි වුනා. මේකෙනුත් පේන්නෙ යහපාලනයේ නිරුවත විතරයි

:       10       19

wasantha Monday, 23 September 2019 01:25 AM

දිල්රුක්ෂිට මඩ ගහන්න එපා.

:       46       2

Duminda Monday, 23 September 2019 01:49 AM

දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුළු සංවාදයම නිදහස් කරන්න.

:       4       11

sas Monday, 23 September 2019 03:03 AM

එතුමිය තම තනතුරින් ඉල්ලා අස්විය යුතුයි.

:       8       0

lalithm Monday, 23 September 2019 03:07 AM

කට පරිස්සම් කරගෙන කටයුතු නොකිරීමේ විපාකය. අර 64 ක් තියෙනවා කියන ඒවා කොහෙද තියෙන්නේ මෙයාගේ. කොහොමත් මේ වගේ දේවල් හෙළි වෙන එක රටට හොඳයි.

:       0       0

sam Monday, 23 September 2019 04:54 AM

අජන්ත සහ අසංක ඇතුළු 'ගැහැණු සංහතියටම' පහර දෙන්නෙනි, මෙන්න ඔබට 'පිරිමි සංහතියටම' පහර ගහන්න අවස්තාවක්. ඔබටට මේවා පෙනෙනු ඇති අපි බලාපරොත්තු වෙමු.

:       0       0

ගොටු බමුණා Monday, 23 September 2019 05:03 AM

සම්පුර්ණ රේකොඩින් එක දැම්මොත් කුලප්පු වුනු හරක්ට පුන්නක්කු කන්න වෙන්නේ.....

:       0       10

samMonday, 23 September 2019 07:24 AM

රේකොඩින් එකේ මොනවා තිබුණත් නීතිය කැඩුවේ චූදිතයෙක් එක්ක ඔහුගේ නඩුව ගැන කතාකිරීමෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 2772 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3014 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11610 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7946 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10793 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site