IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඝාතන සැලැස්මක තොරතුරු පොඩි ලැසී වමාරයි



(බටපොල  දීපාල් ද සිල්වා)

අපරාධ කල්ලි සමාජික ‘පොඩි ලැසී‘ හෙවත් ජනිත් මධුසංඛ ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මීටියාගොඩ  තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ට්‍රක්රථයක් හා නවීනතම මෝටර් රථයක් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අද (17) සොයාගෙන ඇත. මෙම ට්‍රක්රථය හා මෝටර්  රථය යොදාගෙන මනෝජ් මැන්ඩිස්ගේ කල්ලියේ ගෝලයකු වන බන්ධනාගාර ගතව සිටින මීටියාගොඩ ජනිත් නිශාන්ත ඝාතනය කිරීමට පොඩි ලැසී  සැලසුම් කර ඇතිබව හෙලිවී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරින් මීටියාගොඩ  තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයාගත් අතර, මෙම ඝාතන සැලසුමට යොදා ගැනීම සඳහා ගඩොල් කපන ස්ථානයක සඟවා තිබු ට්‍රක්රථයක්ද, හබරාදුව ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ නවීනතම මෝටර් රථයක්ද අද (17) සොයාගනු ලැබු බව විමර්ශන නිලධාරිහු පැවසූහ.

මෙම රථ වහන හා ගිනිඅවිය පොඩි ලැසීගේ බවට අනාවරණය වි ඇතිබවද  එම නිලධාරිහු සඳහන් කළහ.

මේ වන විට ඇප මත මුදාහැර සිටියද අපරාධ විමර්ශන කොට්ඨාශයට බාර දී ඇති පොඩි ලැසී දින 90 ක කාලයක් රඳවාතබාගෙන ප්‍රශ්න කිරීමට පසුගිය 15 වැනිදා අධිකරණයෙන් අවසර ලැබිණ. මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ඔහුගෙන් අනාවරණය වූයේ එම ප්‍රශ්න කිරීම් වලදීය. මෙම වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු මීටියාගොඩ  තෙල්වත්ත ප්‍රදේශයට අද පැමිණියහ.



අදහස් (14)

ඝාතන සැලැස්මක තොරතුරු පොඩි ලැසී වමාරයි

Nihal Saturday, 17 October 2020 01:19 PM

ඇඟලුම් කම්හලේ ලොක්කා අල්ලාගෙන වැමෑරුවා නම් නරකද කොරෝනා ආවේ කොහෙන්ද කියලා...?

:       6       46

BamunuarachchiSunday, 18 October 2020 01:33 PM

මෝඩයි කියලා මරන්නයෑ.. නේද?

:       1       0

Kuma Saturday, 17 October 2020 02:04 PM

එයාලා.. එයාලා... මරා ගනිද්දී බාධා කරන්න එපා. ලොකු සේවයක්නේ.

:       1       22

priyantha Saturday, 17 October 2020 02:08 PM

තුවක්කු, කුඩු, වාහන.... මේ සේරම අහුවුණත් ආයෙත් එළියේ...

:       0       29

Rasik Saturday, 17 October 2020 03:41 PM

ලගදිම උදේ නිව්ස් වල ආයෙත් සැරයක් පෙන්වයි අවසාන වතාවට.

:       1       3

සුදත් ශ්‍රී Saturday, 17 October 2020 09:16 PM

අනේ පව්! "අහිංසකයාට" පොලීසියෙන් හොඳට සලකලා තියෙනවා වගේ.

:       0       2

Perera Sunday, 18 October 2020 01:09 AM

ලබන ඡන්දෙන් මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තු යන්නත් බැරි නැහැ.

:       0       14

dinesh Sunday, 18 October 2020 03:31 AM

මොන බයිලා කිව්වත් මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. මුන්ටත් එකයි, දේශපාලුවන්ටත් එකයි... එකෙකුටවත් දඬුවම් හම්බවෙන්නේ නෑ.

:       0       0

සිතුම් Sunday, 18 October 2020 03:36 AM

පව් ඉතින්... සර්ටයි ගෝලයින් රොත්තටයි, අනිත් ඔක්කොම වමාරන්නයි වවාගෙන කන්නයි පුළුවන්... ඒ වුණාට රිෂාඩ් නානව හොයාගන්න එක තමයි කරන්න බැරි. දුකේ බෑ...

:       0       0

Nuwan Sunday, 18 October 2020 06:37 AM

මෙයාලා කවදත් ගොඩ...

:       0       0

kamal Koyrala Sunday, 18 October 2020 07:08 AM

පොලිසියට ස්තුතියි.. මාව මරන්න සැලසුම් කළා කියලා තොරතුරු හෙළිකළාට..

:       0       0

Prabha Sunday, 18 October 2020 08:20 AM

පොලිසියෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ අපේ සිරිසේන ගොයියාගෙන් ඉගෙන ගත්තා නම් හිරේ යන්නේ ලැසී නෙමෙයි, පොලිසියේ කට්ටිය.

:       0       0

Rata Perata Monday, 19 October 2020 06:31 AM

මේකත් අර ගෝඨාභය, සහරාන්ලාට පඩිදුන්නා වගේ සමන් කුමාර නාටකය වගේ තව එකක්. දැන් අපිට ඔත්තු ගන්නේ පාතාලයෙන්. අන්තිමට අන්තිමට සහරාන් වගේ ගහනකම් දන්නේ නැහැ.

:       1       1

BamunuarachchiMonday, 19 October 2020 12:47 PM

ගෝඨාභය, සහරාන්ලාට පඩිදෙන එකත් වැඩක්ද? මෙයා මොනවා දැනගෙන කතා කරනවද මන්දා...? පාසලකට අඩියක් තියා නැහැ වගෙයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 862 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site