IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නීති කඩන පිරිස් සොයන “ඩ්‍රෝන” මෙහෙයුම

 

කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලෙන් රටම ගිලගැනීමේ අවදානමකට පසුගිය කාලය තුළ මෙරට පත්විය. එය පාලනය කිරීමට රජය රෝගීන් බහුලව හමුවන ස්ථාන හෝ පොලිස් බල ප්‍රදේශ හෝ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සංචරණ සීමා පනවනු ලැබීය. එයින් යම් තරමකට රෝගය පාලනය කළ හැකි වුවද නීතියෙන් ලැබුණ යම් ඉඩකඩ භාවිතා කරමින් හා නීතියට පටහැනිව යමින් අවදානම් කලාපවල ජනතාව සංචරණයේ යෙදෙන බවද එයින් රෝගය පාලනය කිරීම අපහසු වී ඇති බවද රජයේ අදහස විය.   


එයට විසඳුමක් සෙවීම කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වගකීමක් විය. ඒ අනුව අවදානම් කලාපවල සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් සංචරණයේ යෙදෙන හා සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අය සම්බන්ධයෙන් නීතිමය ක්‍ර්‍රියාමාර්ග ගැනීම සඳහා අලු‍ත් ක්‍රමවේදයක් යොදාගැනීමට බලධාරීහු කටයුතු කළහ. 


නියමුවන් රහිත ගුවන් යානා නොහොත් ඩ්‍රෝන යානා භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම පසුගිය කාලයේ අපේ රටේ ජනප්‍රිය විය. ජනමාධ්‍ය, වාණිජමය හා පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන කැමරා, මගින් වීඩියෝ දර්ශන ලබා ගැනීමේ තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා මගින් නොයෙක් අවස්ථාවන් ආවරණය කිරීමට මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කිරීම වර්ධනය වී ඇති අතර නිර්මාණ කටයුතු, ආපදා අවස්ථාවන් මෙන්ම උත්සව, ප්‍රියසාද වැනි පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා විවිධ පුද්ගලයන් මෙම තාක්ෂණය යොදා ගැනීම ද සුලභ ලෙස දැකිය හැකිය. 


 අද අප රටේ ඩ්‍රෝන කැමරා භාවිත කරන්නේ සංචරණ සීමා පනවා ඇති ස්ථානවල නීති කඩකරන්නන් පිළිබඳව සෙවීම සඳහාය. ඒ තීන්දුව පසුගිය 12 වැනිදා සිට අපේ රටේ ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් අද වන විට නොයෙක් වාද විවාද ඇති වී තිබේ. මෙමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද චෝදනා නැගේ. මේ ක්‍රමය මීට පෙර ලෝකයේ වෙනත් රටවල්ද භාවිත කර ඇති අතර ප්‍රංශයේදී එය තහනමට ලක්කර ඇති බවද ඒ අනුව අප භාවිතා කරන්නේ වෙනත් රටවල තහනම් කළ ක්‍රමයක් බවද ඇතැමෙක් පවසයි. 


කෙසේ වුවද මේ වන විට අපේ රටේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන්නන් සොයා ඩ්‍රෝන කැමරා මෙහෙයුම ක්‍රියාත්මක වේ. ඒ ගුවන් හමුදාවත්, යුධ හමුදාවත්, පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් එක්ව එකම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමිනි. 


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ හුදෙක් ජනතාවගේම යහපත වෙනුවෙනි. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගයට ජනතාවගේ සහය අත්‍යඅවශ්‍යය. එහෙත් එදිනෙදා මුහුණ දෙන ඇතැම් ප්‍රශ්නවලදී නීතිය හා රෝගයේ භයානක කම අමතක කරන ජනතාව තමන්ගේ කටයුතු කරගැනීමට උත්සාහ කරති. එසේම ඇතැමෙක් තමන්ගේ පෞද්ගලික පුරුදු අත්හැරිය නොහැකි නිසාද මෙම නීති කඩකරයි. ඒ කවුරුත් කරන්නේ රෝගය බෝ කිරීමට තමන්ද දායක වීමය. 


 ඩ්‍රෝන කැමරා භාවිත කරන්නේ එසේ නීති කඩ කරමින් සංචරණයේ යෙදෙන පිරිස් හඳුනා ගැනීමටය. දැනට සංචරණ සීමා පැනවූ ප්‍රදේශ විසිහතරක් පවතින අතර එයින් කොළඹ හා ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවල මූලිකවම මෙම කැමරා මෙහෙයුම සිදුකෙරෙන බව අජිත් රෝහණ මහතා පැවසීය. 


 මේ මෙහෙයුම සඳහා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ, යුධ හමුදාවේ හා ගුවන් හමුදාවේ සියයක පමණ පිරිසක් යොදාගෙන ඇති අතර ඩ්‍රෝන කැමරා අටක් භාවිතා කරනු ලැබේ. ඒ මගින් ලැබෙන තොරතුරු අනුව නීති කඩන්නන් හඹා ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට යතුරුපැදි දොළහක් යොදවා ඇත. එම යතුරුපැදි බලකායේ විසිහතර දෙනෙක් යොදවා තිබේ. 

 

 


මෙම මෙහෙයුමේදී පසුගිය සතියක පමණ කාලයක් තුළ 117ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සම්බන්ධයෙන් නීරෝධායන පනත අනුව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා පැවසීය. 


ඩ්‍රෝන කැමරා මගින් ලබාගන්නා දත්ත යතුරුපැදි බලකායට සන්නිවේදනය කරනු ලැබේ. ඒ සඳහා සන්නිවේදන උපකරණ භාවිත කරන අතර එම පණිවුඩ ලබාගන්නා යතුරුපැදි කණ්ඩායම අදාළ කැමරාවෙන් පෙන්වා දෙන ප්‍රදේශවල නීති කඩමින් සැරිසරන පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබේ. 


මේ මෙහෙයුම නිසා බොහෝ ප්‍රදේශවල නීති කඩකර සංචරණයේ යෙදීම් සීමා වී ඇති බවද පොලිසිය පවසයි. කොළඹ නගර සභා බල ප්‍රදේශයත් මීගමුව ආශ්‍රිතව සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලත් මූලිකවම මෙම ක්‍රමවේදය භාවිත වේ. 


මෙය අමතර වියදමක් දරන්න සිදුවන අමතර රාජකාරියකි. මේ පිරිස වෙනත් වැදගත් කටයුත්තකට යෙදවීමට හැකියාව තිබියදී මෙවැනි රාජකාරියකට යෙදවීමට සිදුව තිබෙන්නේ ජනතාව රෝගයේ භයානක කම වටහා නොගෙන, නිරෝධායන නීති නොසළකා කටයුතු කරන නිසාය. ජනතාව නීතිගරුකව කටයුතු කරන්නේ නම් මෙවැනි දෙයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. 


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජයේ සෞඛ්‍ය උපදෙස් හා පනවා ඇති නීති රීති සම්බන්ධයෙන් ගරුකරමින් කටයුතු කරන ලෙසය. එය රෝගය පාලනය කිරිමට වැදගත් වනු ඇති බවද ඔහු පැවසීය. 

 

 

මුදිතා දයානන්ද

 



අදහස් (0)

නීති කඩන පිරිස් සොයන “ඩ්‍රෝන” මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1173 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1175 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site