(දයාසීලි ලියනගේ)
ජනාධිපතිවරණ කාලයේ දී රජයේ දේපල අනිසි ලෙස පාවිච්චි කිරීමට එරෙහි විධාන ඇතුළත් ගැසට් පත්‍රයක් ලබන සතියේ දී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.
රජයේ නිලධාරීන්, වාහන, ගොඩනැගිලි, ශාලා, පිට්ටනි, උපකරණ ඇතුළු සියලු රාජ්‍ය දේපල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කරමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ නීතියට අනුව මෙම නීති කඩකරන්නන් වසර 3ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයකට යටත් වෙන බව ද පුංචිහේවා මහතා කීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ නීති තදින් ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.