(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිසර, නුගේවත්ත ප්‍රදේශයේ නිවසක දී ගිය සිකුරාදා (15) අලුයම අත්අඩංගුවට ගත් වෙළෙඳ පොළ වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරක නමැත්තාගේ මෙහෙයුම් මත ප්‍රවාහනය කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
කොස්ගොඩ තාරක නමැත්තාගේ උපදෙස් මත හබරකඩ කසුන් යන අයට ලබාදීමෙන් පසු ඒවා ඉන්ද්‍රකුමාර රාමනායක යන අයගේ නිවසේ ගබඩා කර තබා තිබූ බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වීරසූරිය මහතා කීය.
කිලෝ 10 සහල් බෑගවල මෙම හෙරොයින් තොගය අසුරා තිබී ඇත. අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ මේවා වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට වාහන දෙකකට පටවමින් සිටිය දී මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය කළ වැටලීමක දී සැකකරුවන් සිව් දෙනෙක් සමග මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිව් දෙනාගෙන් එක් අයෙක් හිටපු යුද හමුදා සෙබළෙකි. තවත් පුද්ගලයෙක් වාප්පු ලිපිකරුවෙක් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාරක මහත්මයා, මේවා ගෙනාවේ චන්ද වියදම් පියවා ගන්න. මේවා කල් තබාගන්නත් බැහැනේ. ඉක්මනින් නිදහස් කරන්න.
හරියට චෙක් කරලා බලන්න ඔය 225 කෝටි නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 කගේ දායකත්වයෙන් ඕවා ගෙනත් තියෙන්නේ.
දේශපාලන බලය නිසා තමයි ලංකාවේ කුඩු බිස්නස් කරන්නේ.