කෝටි 40 ක් සපුගස්කන්දේ දිරයි


(දයාසීලි ලියනගේ)  
රුපියල් කෝටි 40 ක මුදලක් වැය කර මෙරටට ගෙන්වන ලද එල්.පී. ගෑස් පිරවුම් යන්ත්‍රයක් වසර 8 ක කාලයක් තිස්සේ පාවිච්චියට නොගෙන දිරාපත් වෙමින් තිබෙන බව වාර්තා වේ.  


සපුගස්කන්දේ ඇති මෙම ගෑස් පිරවුම් යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බව සඳහන් වේ.  

මෙම දැවැන්ත යන්ත්‍රය වර්ෂ 2010 දී මෙරටට ගෙන්වා ඇති අතර එය ප්‍රධාන මාර්ග ඔස්සේ සපුගස්කන්දට ගෙන යාමට නොහැකි වීම නිසා විශේෂ බත්තලක් ඉදිකර කැලණි ගඟ ඔස්සේ සපුගස්කන්දට ගෙනැවිත් ඇති බව වාර්තා වේ.  


 මෙම යන්ත්‍රය මිලදී ගැනීමට ඇණවුම් කරද්දී එහි දිග පළල පිළිබඳවත් අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම නිසා ප්‍රධාන මාර්ග ඔස්සේ මෙම යන්ත්‍රය ප්‍රවාහනය කිරීමට නොහැකි වූ බවද දැනගන්නට ඇත.