බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ


හොර සමාගම්වලිනුත් කෝටි 30ක පොල්ලක්


සුජිත් හේවාජුලිගේ


ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී  රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස31 වැනිදා වනවිට තත්වයෙන්  අසමත්, කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි 34කට වැඩි බවත්, සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි හයක් බවත් වාර්තාවේ දැක්වේ.
ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් ඖෂධවල මුළු පිරිවැය කෝටි තුනකට වැඩි මුදලකින් දෙකෝටි තිස් හය ලක්ෂයක මුදලක් පසුගිය වසරේ මාර්තු 31 වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර අසාධු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ කෝටි තිහකට වැඩි මුදලක් අය කර ගැනීමද අවිනිශ්චිත තත්ත්වයක පැවතුණු බව විගණන නිලධාරීහු පවසති. මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.