IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

අනුක්කනේ කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

එහිදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.

වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (3)

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා

Mottapala Friday, 26 April 2024 10:38 AM

ඇත්තටම මේ ගෑනිට ඉක්මනින් මානසික ප්‍රතිකාර දීමට මුලින්ම කටයුතු කරන්න ඕන මොකද කුඩා දරුවෙකුට ලක්ෂ හතරකට ආසන්න වටිනා පංචායුධ පැළදුවේ මොකටද මේක ඒ අම්මන්ඩි වුවමනාවෙන් කළ දෙයක් තමයි

:       1       13

Prabha Friday, 26 April 2024 03:39 PM

උණු වතුර බෝතල් හොරු පාර්ලිමේන්තු ගිය රටේ ඕකත් හොරකමක්ද?

:       0       4

විශ්ව Sunday, 28 April 2024 11:19 PM

චුට්ටක් අවිස්සාවෙල්ල රෝහල ඔහොම දෙයක් වෙලා හොරාව ඇල්ලුවා.එයාම වෙන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 114 0

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 112 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 95 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 407 1

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 205 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 358 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site