IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ

(චමින්ද වැවතැන්න)

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කියන පුවතක් කෑගල්ල පොලිසියෙන් වාර්තා වේ.

එම ආහාර තොගය කෑගල්ල පොලිසියට බාරදුන් කෑගල්ල මහ රෝහලේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස පැමිණිල්ලක් කර ඇත.

කෑගල්ල මහ රෝහලේ නව අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ ලේකම් නොයෙල් ධර්මදාස සෞඛ්‍ය කාර්ය සහයකවරයකු හා රෝහල් ආරක්ෂක අංශයේ නිලධාරියකු පෙරේදා 24 වැනිදා සවස 3.30 ට පමණ රෝහල වටා සංචාරයක් කර ඇති බව පොලිසිය පැවැසීය.

එම අවස්ථාවේ දී රෝහලේ කෝකියා මෘත ශරිරාගාරයේ දෙසින් යම් බෑගයක් අතැතිව දිව යන අයුරු රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම දැක ඔහුට නවතින ලෙස දන්වා ඇත.

පසුව කෝකියා අත තිබුණු බෑගය ද රැගෙන දිව ගොස් ගොඩනැගිල්ල සැග වී ඇති බවත් පසුව ආරක්ෂක නිලධාරියා දිව ගොස් ඔහු සැගව සිටි ස්ථානයෙන් පිටත ගෙන ඇත. පසුව රෝහල් අධ්‍යක්ෂවරයා ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කෝකියා අත තිබුණු පාර්සලය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී රුපියල් 2232 ක් වටිනා කට්ටා කරවල ග්‍රෑම් 900 ක්, රුපියල් 1400 ක් වටිනා බල මාළු කිලෝ එකක්, රුපියල් 390 ක් වටිනා අර්තාපල් කිලෝ එකයි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවැසීය. එහි වටිනාකම රුපියල් 4082 ක් බව දන්වා ලිඛිත ලේඛනයක් ද ඉදිරිපත් කර ඇත.

කොකියාට ඊයේ 25 වැනිදා රාජකාරියට පැමිණෙන ලෙස දන්වා ඇතත් සේවයට වාර්තා කර නොතිබුණු බව රෝහල් ලේකම්වරයා පොලිසියට දන්වා ඇත.

 



අදහස් (5)

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ

Lakmal Friday, 26 April 2024 06:44 AM

විධායක මට්ටමේ උන් කරන හොරකම් ගැන හොයන්න උන් නෑ .හැබැයි පොඩි එකෙක් අල ගෙඩියක් අරන් යද්දී ඉන්නවා රනිල් රාජපක්ෂ .කවදා තේරුම් ගනීද රටේ මිනිස්සුන්ට කන්න (අඳින්න සල්ලි කොහොමත් නෑ )සල්ලි නෑ කියලා

:       22       15

LalindraFriday, 26 April 2024 10:18 AM

විධායක මට්ටමේ අය හොරකම් කරනවා කියලා පල්ලෙහා අයටත් හොරකම් කරන්න දෙන්න ඕනෙද? හොරකම නම් හොරකම... විධායකද පහළද කියලා නෑ. කවුරුහරි ඇල්ලුවා නම් ඒක ලොකු දෙයක්...!

:       2       11

පියනන්දFriday, 26 April 2024 12:07 PM

ලක්මාල් මහත්තයෝ, කවුරු කළත් හොරකම හොරකමම තමයි. ඔයත් උදව් වෙන්නකො වචනෙකින් හරි මේ රටේ ලොකු පොඩි හොරකම් ටිකෙන් ටික හරි නවත්තන්න. හා ද?

:       4       11

LakmalFriday, 26 April 2024 12:40 PM

කහිනවට කීයක් දුන්නද?

:       7       3

nimal Friday, 26 April 2024 10:35 AM

විධායක මට්ටමේ ඉන්න දොස්තරලා දවල් 12-2 පැය දෙකක කාලයක් රජයෙන් අතිකාල ලබමින් පුද්ගලික සේවයෙත් යෙදෙනවා. සමහරු රජයේ රෝහල් තුළම. රජයට වෙන පාඩුව ඔය වගේ දහස් ගුණයක්. අහින්සක කොකියගේ රු. 4000 තමා දොස්තරලා ටික අල්ලගෙන තියෙන්නෙ

:       4       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 576 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 302 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 148 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 636 2

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 299 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 565 3

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 492 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1940 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site