(රෝෂන් තුෂාර)
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25)නියෝග කළේය.
දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නැව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා විසින් නැවේ මෙහෙයුම් කටයුතු කළ දේශීය නියෝජිත ආයතන දැනුවත් කර ඇත්ද?එසේ දැනුවත් කලේ නම් එම දත්ත දේශීය ආයතනය නියෝජිතයින් විසින් මකා දමා ඇත්ද යන්න පිළිබඳව සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනය දැනුවත්කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳව වාර්තාවක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය නඩු වාරයේ ඉදිරිපත් කළ අතර එම වාර්තාවද විත්තිකරුවන්ට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුරින් වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේ ගැටී සිදු වූ අනතුරින් මිය ගොස් ඇතැයි පොලීසි
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවැසීය.
අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරා
හොරණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් සුඛෝපභෝගී වහනයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
විජය රජදහන ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක සිහිසුන්ව වැටී සිටි අසූ හැවිරිදි වියේ පමණ වන වයෝවෘද්ධ කාන්තාවක දොරගුළු කඩා මුදා ගෙන අද ( 5) අලුයම රෝහල් ගත කළ බව ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
Prabha Thursday, 25 April 2024 11:32 PM
කට්ටියගේ සාක්කු parabola අශ්වයා පැනලා ගිහින් ගොඩක් කල්
Hafeel Friday, 26 April 2024 02:23 PM
එදා මෙම නැව රටින් පිටමන් කරන්න අනුබල දුන්නු කෙනා, අද සජිත් ළඟට ගොඩවෙලා...