සමගි ජන සන්ධානය එළි දකී


නිමල කොඩිතුවක්කු


සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.

සමගි ජන සන්ධානය ලෙස එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹිණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමග ඊට අදාළ ගිවිසුම් ගතවීම සිදු විය.
ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරු මෙහිදී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.