(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙවන ලෙසත් ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එන්තර වාසියක් අද (25) යොමු කර ඇත.
අමරවීර මහතාගේ ප්‍රකාශය මගින් සිදුවූ අපහාසයට දින දාහතරක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් නඩු පවරන බව ද එහි සඳහන් කර ඇත.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් යොමු කළ එම එන්තරවාසියේ මෙසේද සඳහන් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 50කට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයෙක් වෙයි. මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගණනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කළ දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි.
2024 අප්‍රේල් 22 වැනිදා ප්‍රසිද්ධ මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව මාගේ සේවාදායකයාට අපකීර්තියක් අපහාසයක් සිදුව ඇත.
මොරටුව කටුබැද්ද දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මවත්වාගෙන යන වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය පවසයි .
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය
මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.
කැලෑ ගිනි තැබිමේන් පසු දළුලමින් පැවතින අලි මානා ඇතුළු විවිධ තෘණ වර්ග වල රස බැලිමට මේ දිනවල වල් අලි රංචු පිටින් ආණමඩුවේ ගම්මාන වලට කඩා වදිති.
මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටි 100ක් ඉල්ලයි
Kazi Shajahan Friday, 26 April 2024 09:32 AM
දෙන්නටම ලැජ්ජාවක් නැහැ ,හෙට සිරිසේන ජනාධිපති වෙලා කැබිනට් එකක් හැදුවත් අමරවීර ට ඇමතිකමක් ෂුවර් එකට දෙනවා
අබිලින් Friday, 26 April 2024 01:10 PM
පසුගිය කාලයේ නඩු තීන්දුවක් අනුව හිටං උන්නැහේට කෝටි ගණනක් ගෙවන්න නියම කළා වගේ මතකයි. ඒක ගෙවූ බවක් නම් මතකයේ නැහැ ඉතින් ඒකවත් ගෙවන්න අදහසක් පහළ වුණාද අහන්න වෙනවා...!
HafeelFriday, 26 April 2024 02:30 PM
එක්තරා YouTube නාලිකාවකදී පැවැති වැඩ සටහනකින් කියැවුණා... ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් එම දඩ මුදලින් කොටසක් දුන්නා... කියලා. හිටං අදටත් එක ප්‍රතික්ෂේප කරලාත් නැහැ...
Hafeel Friday, 26 April 2024 02:26 PM
මෙයාට කීර්ති නාමයක් තිබුණා නේද?