IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙරභව සැත්කම නිසා ආබාධිතව උපන් දරුවෙක්

පෙරභවයේ ප්‍රබල සාක්කි

 

පවුලේ එකම පිරිමි දරුවා ලෙස 1963 වසරේ දී උපත ලද ඔහුට හසන් යනුවෙන් නම් තැබිණි. ඔහුට එක් සොහොයුරියක් පමණක් සිටියාය. ඉතාමත් නිරෝගී දරුවෙකු වූ ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියේය. දෙමාපියන්ගේ මහත් ආදරය ලබමින් සිටි දරුවා පිළිබඳව ඔවුහු දැඩි අවධානයකින් සිටියහ. දරුවාගේ සිරුරේ පිටුපස රත් පැහැති උපන් ලපයක් දක්නට ලැබිණි.   


පියාට වෙළෙඳසලක් තිබිණි. එය පිහිටා තිබුණේ නිවසට මඳ දුරක් ඈතිනි. පියා වෙළෙඳසලට යනවිට දී දරුවා ද ඇතැම් දිනවල ඔහු සමග වෙළෙඳසලට යාම ද සිරිත විය. මේ නිසා ඉතා කුඩා කල සිට නිවසේ සිට වෙළෙඳසලට තනිවම උවත් යාමට එම දරුවාට හැකියාව ලැබී තිබිණි. වසර කිහිපයක් ගතවිණි. ඔහු පස්වන වියට පත්වීමත් සමග (CIRCUMCISED) යනුවෙන් හැඳින්වෙන චර්මඡේදනය නම් ලින්ගේන්ද්‍රිය පිළිබඳව ඇතැම් විට සිදුකරනු ලබන සැත්කමකට ඔහු භාජනය වීය. තවත් දෙවසරක් පමණ ගතවිය.   


මුත්‍රා කරන අවස්ථාවලදී ඔහු කිසියම් වේදනාවකින් පෙලෙන බැව් මාපියන්ට දක්නට ලැබිණි. කිසියම් රෝගී තත්ත්වයක් උදාවී ඇත්දැයි මාපියෝ සැක කළහ. තවත් සති කීපයක් ගතවිය. දරුවා තුළින් දක්නට ලැබෙන වේදනාකාරී බව දිනෙන් දින වැඩිවන්නට විය. ඒ පිළිබඳව අවධානය යොමු කැරිණි. එහිදී මාපියන්ට දක්නට ලැබුණේ මුත්‍රා පිටවීමේ අඩුවක් දරුවාට ඇති බවය.   


තම දරුවා නියත වශයෙන්ම කිසියම් රෝගී බවකින් පෙලෙන බැව් මාපියන්ට අවබෝධ වීය. කලින් ඔහුට සිදුකළ සැත්කම බලපෑමක් සිදුවී ඇත්දැයි මාපියෝ අනුමාන කළහ. ඔවුහු දරුවා වෛද්‍යවරුන් වෙත රැගෙන ගියහ.   


දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කැරිණි. එම වෛද්‍යවරුන්ගේ මතය වූයේ මුත්‍රාශයේ රෝගී තත්ත්වයක් ඇති බවය. එයට ප්‍රතිකාර සඳහා දරුවා රෝහල් ගත කිරීමට නියෝග ලැබිණි. ඒ අනුව දෙමාපියෝ තම දරුවා රෝහල් ගත කැරිණි. එහිදී සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මුත්‍රා මාර්ගයේ ගල් සෑදී ඇති බවය. (CAL LULUS) යනුවෙන් හැඳින්වූ එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා ඔහුට නැවත සැත්කමක් සිදුකළ යුතුවිය. ඒ අනුව දරුවා රෝහල් ගතවී දින කීපයකට පසු සියලු පරීක්ෂණ අනුව සැත්කම සිදුකිරීමෙන් ගල් ඉවත්කිරීම සිදු කැරිණි. අනතුරුව එම දරුවා නිරෝගීව දඟකාර දරුවෙකු බවට පත්ව සිටියේය. නිවසේ ඇතිකළ බලු පැටවෙකු ඔහුගේ සුරතලා බවට පත්වීය. බලු පැටවා සමග ගෙවත්තේ ඇවිදිමින් සිටීම ද මෙම දරුවාගේ සිරිත වී තිබිණි. ඇතැම්විට බලු සුරතලා සමග දරුවාගේ හැසිරීම හිරිහැරදායක බවක් ද මාපියන්ට දක්නට ලැබිණි.   


බලු පැටවා ස්නානය කරවීමට ද දරුවා ඉදිරිපත්වීම ද ඔහු තුළින් දක්නට ලැබිණි. ඇතැම් විට නිවසේ මිදුලට වී බලු පැටවා සමග සෙල්ලම් කිරීමට ද ඔහු ප්‍රිය කළේය. මේ නිසා මාපියෝ ඇතැම් විට දරුවා ගෙමිදුලේ සිටීම ගැන අවධානයක් යොමු නොකළහ. නිවසේ සිට බලු පැටවා සමග ඇවිදින දරුවා ඇතැම් විට නිවසින් බැහැරව යාමට ද පුරුදුව සිටියේය.   
ඔවුන්ගේ නිවස අසල පොකුණක් තිබිණි. එම පොකුණට යාම සඳහා පල්ලමක් සහිත පඩිපෙළක් පිහිටා තිබිණි. දිනක් හසන් දරුවා බලු සුරතලා ද සමග පොකුණ වෙත ගියේය. නිවසේ කිසිවෙක් එය නොදුටුවේය. බලු පැටවා ද සමග පොකුණ වෙත ගිය ඔහුට සිදුවූයේ බලාපොරොත්තු නොවූවකි.   


පය ලිස්සා ගොස් ඔහු ජලයට වැටුණි. එම දරුවාගේ මළ සිරුර ගොඩගන්නා විට ඔහුගේ දෙතොල්වලට ද තුවාල සිදුවී තිබෙනු දක්නට ලැබිණි. බලු පැටවා පොකුණට තල්ලු කිරීමත් සමග ඔහු ද ජලයට වැටී ඇතැයි මාපියෝ සැක කළහ. එහෙත් දරුවාගේ මරණය කෙසේ සිදුවීදැයි පැහැදිලිව තීරණය කළ නොහැකි විය. තම පවුලේ එකම පිරිමි දරුවාගේ අකල් මරණය පිළිබඳව මාපියෝ අතිශය කම්පාවට පත්ව සිටියහ.   


සති කීපයක් ගතවිය. තම පුත්‍රයාගේ වියෝවීම නිසා ඔවුන්ගේ චාරිත්‍ර අනුව මව කළු ඇඳුමෙන් සැරසී සිටීම සිරිත වූවාය. දෙමසක් පමණ ගතවිය. දිනක් හසන් දරුවාගේ එකම සොහොයුරිය තම මියගිය මල්ලීව සිහිනෙන් දුටුවාය. ඇය ඇමතු ඔහු මගේ මරණය ගැන අම්මා කළු අඳින්න එපා, අඬන්න එපා, මම ළඟම ඉන්නවා ඇවිත් මා බලන්න යැයි පැවසුවේය. තමා දුටු සිහිනය ඇය මාපියන් සමග ද හෙළිකර සිටියාය.   


තවත් දින කීපයක් ගතවිය. මියගිය හසන්ගේ පියා ද සිහිනයක් දුටුවේය. මියගිය පුත්‍රයා පැමිණ ඔහු ඇමතුවේය.   


‘‘තාත්තේ දුකෙන් ඉන්න එපා. මම ඔයාලගෙ ගෙවල් ළඟම ඉන්නවා. ඔයාගේ සාප්පුව ළඟ යයි’’ කීවේය. වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි හසන්ගේ පියාගේ එම වෙළෙඳසල පිහිටා තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවසට ඉතා ආසන්නවය. මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පුනර්භව පරීක්ෂකයන් සිදුකළ විමර්ශනයේ දී පියා දුටු සිහිනය පරීක්ෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


(DADDY DO NOT FEEL UNHAPPY UAM COMMING BACK NEAR YOU CLOSE TO THE GROCERY STORE) යනුවෙනි. සොහොයුරිය දුටු සිහිනය පිළිබඳව ද එහි ඇතුළත් වේ. එය සඳහන් වන්නේ,   


(MY MOTHER SHOULD NOT WERE ANY BLACK BAND FOR ME SHE SHOULD NOT CRY ANY MORE I AM VERY CLOSE TO YOU) යනුවෙනි. පවුලේ සාමාජිකයන් දෙදෙනෙක්ම එකම අයුරින් මියගිය දරුවා සිහිනෙන් දැකීම මෙම පුනර්භව සාධකයේ සුවිශේෂී කරුණක් බවට පත්ව තිබිණි. ඒ අනුව දියණිය දුටු සිහිනය සහ තමා දුටු සිහිනය නිසා ඔහුට එය මහත් ප්‍රහේලිකාවක් විය. හසන්ගේ යළි ඉපදීමක් සිදුවේ යයි ඔහුට නොසිතුනි.   


වසරක් ගතවිණි. පියාගේ වෙ​ෙළඳසලට නුදුරුව ජීවත්ව සිටි තරුණ යුවළකට පුතෙකු ලැබිණි. එම දරුවාගේ උපතින්ම පිටුපස පැහැදිලි උපන් ලපයක් පිහිටා තිබිණි. ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය ද අස්වාභාවිකව පිහිටා තිබිණි. කිසියම් සැත්කමක් සිදුකර ඇති බවක් එමගින් දක්නට ලැබිණි. එම දරුවා බහතෝරන වියට පත්විය. වයස අවුරුදු දෙක හමාරක්ව සිටිය දී නිවසට නුදුරුව තිබූ පොකුණ අසලින් දෙමාපියන් සමග ගමන් කරමින් සිටියේය.  


ඒ අසල රැස්ව සිටි පිරිසක් අතරින් දරුවෙකු දියේ ගිලී මරණයට පත්වූ පුවතක් සාකච්ඡා කැරිණි. එය ශ්‍රවණය වූ දරුවා මව දෙසට හැරුණි. එයත් මං වගේ. එයත් මං වගේ යයි පැවසීය. දියේ ගිලී මරණයට පත්වූ දරුවෙකු ඔහු වගේ යයි තම දරුවා පැවසීම පිළිබඳව මවිතයට පත්වූ මව ඔයා කොහොමද ඒ වගේ මැරුණේ “ඔයා ජීවත්ව ඉන්නවානේ” යයි කීවාය. නැහැ මම මැරුණා යයි දරුවා ක්ෂණිකවම කීවේය.   


අනතුරුව ඔහු මරණය සිදුවූ අන්දම පිළිබඳව මතකයෙන් හෙළි කළේය. මම බල්ලාව වතුරට තල්ලු කළා. නැවත ගොඩට තල්ලු කරන විට මාව වතුරට වැටුණා. ඒ එක්කම පොකුණේ ගැට්ටේ වැදුණා යයි පැවසුවේය. එම දරුවා විසින් පෙර භවය පිළිබඳව දැඩි විස්තරයක් අනාවරණය නොවූ නමුත් ඔහු හෙළි කළ කරුණු ස්වල්පය ඉතා වැදගත් සාක්කි බවට පත්විය. ඔහු හෙළිකළ තොරතුරු අතර තවත් ඉතා වැදගත් කරුණක් වූයේ පෙර භවයේ නම ප්‍රකාශ කිරීමය. පෙරභව පියාගේ නමත් ඔහුට නිවැරදිව මතකයේ තිබිණි.   


මෙම දරුවාට උපතින් ජලයට මහත් බියක් තිබීම ද තවත් විශේෂ කරුණක් විය. කිසියම් දරුවෙක් පොකුණ වෙත යනු ඔහු දුටුවහොත් දැඩි ලෙස බියපත් වී ‘යන්න එපා, යන්න එපා’ යනුවෙන් හඬ නගා කෑ ගැසීමට එම දරුවා පුරුදුව සිටියේය. එම ජලයට බියපත්වීම දරුවා මාස හතක පමණ වයසේ සිට දක්නට ලැබුණු බැව් අනාවරණය වීය. ඔහු නෑවීමට ජලය වෙත ගෙනගිය විට දී බියපත්වී ඉන් ඉවත්වීමට ඔහු උත්සාහ ගත්තේය. (PHOBIA OF WATER) යනුවෙන් ජලයට තිබූ බිය පත්වීම ද ප්‍රබල සාක්කියක් විය. එම දරුවාගේ පුනර්භව සාධකයේ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ පෙරභවයේ සිදුකර තිබූ ලිංගේන්ද්‍රිය සම්බන්ධ සැත්කම හා සමානව උපතින් ඔහුගේ සිරුරෙන් ද දක්නට ලැබීමය. මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණ සිදුකරනු ලැබුවේ තුර්කියේ දී එක්දහස් නමසිය හැත්තෑවේ වසරේදීය.   

 


තිස්ස ජයවර්ධන



අදහස් (3)

පෙරභව සැත්කම නිසා ආබාධිතව උපන් දරුවෙක්

Kumar (Gulf) Tuesday, 27 August 2019 02:34 PM

මේ කතාකරන්නේ පළමු ළමයාගේ මරණයට සම්බන්ධවූ, "මරණයේ හා පාතාලයේ අසුද්ධ ආත්ත්මයය්" පුනරුපත්තිය මිත්‍යාවක් පමණි.

:       1040       228

Asanka Wednesday, 28 August 2019 02:22 PM

කුමාර් ගල්ෆ් ඔහේදී මොකක් හරි වෙලා ඔබට , පුනරුපත්තිය මිත්‍යාවක් නම් ඒක දේව වාදී නොවන බුදුදහම හින්දු ඔවැනි සියලු ආගම් බොරු. නවීන විද්‍යාවෙන් සාක්ෂි සහිතව ඔප්පු කරපු මෙවැනි සිද්දි තියනවා ඒවත් බොරු ...

:       0       251

සෙනෙවිරත්න Monday, 02 September 2019 04:44 PM

අහඹු ලෙස මෙවැනි දේ සිදුවිය හැක. එයින් පුනරුත්පත්තිය යන පාරම්පරික ජානගත බොරුවෙහි සත්‍යතාවයක් ඇතැයි ගම්‍ය නොවේ. මීට වසර සීයකට පෙර ලොවේ ජනගහනය මෙන් කීගුනයක් දැන් සිටීද ඒ මදුරුවන් පනුවන් මනුෂ්‍ය ආත්ම ලැබීමෙන්ද? , පුනරුත්පත්තිය විශ්වාස කරන්නවුන් නොසිතන කරුන මෙයයි. මිනිසා ශිෂ්ඨත්වයට පත්ව වසර 6000 කට වඩා ගතව නැත එම කාලය තුල බිහිවූ ආගම් තුලින් මතුවූමෙම මිත්‍යාව එම කාලයට පෙර මනුෂ්‍යයා සිටි අශිෂ්ට තත්ත්වයටත් වලංගුද? මෙම මිත්‍යාව අසරන සිතන්න බැරි ජනයාට එලොව සැප පෙන්නා මෙලොව සුර සැප ලබන තක්කඩියන්ට කදිම ආවරනයකි. තව සමහරු වෙනත් ලෝක ගැන කතාකරති . නොදන්නා ලෝක ගැන කවුරු දනීද ? ගිය කෙනෙක් දුටු කෙනෙක් සිටීද ? හින්දු ආගමේ පොත් කියවන්නේ නමි සතර අපා , බඹ ලොව , සතරවරම් දෙවියෝ එම ආගමේද සිටී. බුදුන් පෙරට ආවේ මෙම හින්දු මිත්‍යවට එරෙහිව නොවේද? බුදු දහම හින්දු ආගමට ගැටගසා මේ කරන්නේ නිර්මල බුදුදහමට නිගාවක් නොවේද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31325 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13537 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11001 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site