IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෘථිවියෙන් සොයාගත් පැරණිම දේ

 

 

උල්කාශ්මයක් අධ්‍යයනය කරමින් සිටි විද්‍යාඥයන් කණ්ඩායමකට පෘථිවියෙන් වාර්තා වෙන පැරණිම ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වී තිබේ. ඔවුන් අධ්‍යයනය කරමින් සිටි උල්කාශ්මය 1960 ගණන්වලදී පෘථිවියට වැටුණු එකකි. සොයාගැනීමට මුල් වී තිබෙන්නේ උල්කාශ්මය නොව, එහි අඩංගු දුහුවිලි අංශුයි. ඒවා වසර බිලියන හතහමාරකට වඩා පැරණි බව කියැවේ. ඒ, අප අයත් සෞරග්‍රහ මණ්ඩලය හැදෙන්නටත් පෙර කාලයකි. 


තරුවක් මිය යන විට එම තරුවේ එක් රැස් වී තිබුණු අංශු අභ්‍යවකාශයට විසි වේ. ඉන්පසු ඒවා නව ග්‍රහලෝක, චන්ද්‍රයන් හා උල්කාශ්මවලට එකතු වේ. එම අංශු, තරුවක සැබෑ දුහුවිල්ල ලෙස හැඳින්විය හැකි බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මහාචාර්ය පිලිප් හෙක් පවසයි. එක්සත් ජනපදයේ හා ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයන් පිරිසක් එකතු වී සිදුකළ අධ්‍යයනයට ගත් උල්කාශ්මය හඳුන්වන්නේ මර්කිසන් යනුවෙනි. එය 1969දී ඕස්ට්‍රේලියාවට වැටුණු එකකි. 


උල්කාශ්මයේ කොටස් සියුම් කුඩක් බවට පත්වෙන තුරු කුඩු කිරීමෙන් පසු එය උකු මිශ්‍රණයක් බවට පත්වෙතැයිද, එය නරක් වූ පීනට් බටර් මෙන් ගඳ ගසන බවත් පර්යේෂකයෝ පවසති. ඉන්පසු මෙම මිශ්‍රණය ඇසිඩ්වල දිය කිරීමෙන් පසු ඉතිරිවෙන්නේ ඉතා සියුම් වැලිකැට වැනි අංශු ය. එම වැලි කැටවල සැබෑ වයස ගණනය කිරීම සඳහා ඒවා කොතෙක් කල් අභ්‍යවකාශයේ විකිරණවලට ලක්වී ඇත්දැයි විද්‍යාඥයෝ පරීක්ෂා කරති. මෙම විකිරණ අධි ශක්තියෙන් යුත් අංශු වෙන අතර ඒවා අපේ මන්දාකිණිය ඔස්සේ ගමන් කරමින් ඝන ද්‍රව්‍යවල විනිවිද ගමන් කරයි. 

 

 


එම විකිරණවලින් සමහර ඒවා මුණගැසෙන නව ද්‍රව්‍ය සමඟ එකතු වී නව සංයෝජන හදන අතර විකිරණයට නිරාවරණය වූ කාල සීමාව වැඩිවෙන තරමට එහි අඩංගු නව මූලද්‍රව්‍ය ප්‍රමාණය ද වැඩි වේ. 


මේ උල්කාශ්මය තුළ තිබී සොයාගත් තරු දුහුවිල්ල ඉතා දුර්ලභ බැව් පර් යේෂකයෝ කියති. මෙම තරු දුහුවිල්ල සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ එදා මෙදා තුර පෘථිවියට වැටී තිබෙන උල්කාශ්මවලින් සියයට 5කටත් අඩු ප්‍රමාණයක ය. අපේ මන්දාකිණියේ ජීවන චක්‍රය අධ්‍යයනය කිරීමට මෙය හොඳම අවස්ථාවක් ලෙස සැලකේ.


අන්තර්ජාලය ඇසුරිනි. 


නිසංසලා



අදහස් (0)

පෘථිවියෙන් සොයාගත් පැරණිම දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site