(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියළි කාලගුණ තත්වයට පුත්තලමේ ලුණු අස්වැන්න සරු වී ඇති බව පුත්තලම ලුණු සුභසාධක සංගමය කියයි.
පවතින වියළි කාලගුණය හමුවේ සරු ලුණු අස්වැන්නක් ලැබේමින් පැවතුනද මිල පහත වැටීම නිසා තමන්ගේ ආදායම ඉහළ යාමක් සිදුව නැති බව ලුණු වගාකරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු අස්වැන්නෙන් 35% කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම ලුණු කර්මාන්තකරුවෝ ලබාදෙති.
එසේම පුත්තලම ලුණු සඳහා ඉහළ වටිනාකමක් ද ලැබී තිබේ. ඒ නිසාම පුත්තලම ලුණු රට වටා සෑම තැනකම දැකිය හැකිය.
මෙවර ලුණු අස්වැන්න පිළිබඳව පුත්තලම ලුණු සුභසාධක සංගමයේ සභාපති ටි.එම් .අමීන් මහතා මෙසේ පැවැසීය.
“මෙවර පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ හොද ලුණු අස්වැන්නක් ලැබී තිබේනවා. නමුත් මිල බරපතල ලෙස පහත වැටීමෙන් අතට ලැබෙන මුදල වැඩි වෙලා නැහැ.
මොකද මේ වන විට කිලෝ 50 මිටියක් රුපියල් 250 දක්වා පහත වැටී තිබීම නිසා.මිටියකට රුපියල් 250 ක් දෙනවිට ඒ සඳහා යන අනිත් වියදම් සමඟ වගාකරුවන්ට ලාභයක් ඉතිරි වන්නේ නැහැ. වගාකරුවන් අතර වැඩි මුදලක් ලැබුණා නම් තමා ලාභයක් සහ ඉදිරියට රස්සාව කරගෙන යන්න අවස්ථාව තිබෙන්නේ යැයි ඔහු පවසයි.
මෙහිදී අදහස් දැක්වූ පුත්තලම ලුණු සුභ සාධක සංගමයේ ප්‍රධාන කළමණාකරු රස්ලියා කාදර් මහත්මිය පවසා සිටියේ මෙවැන්නකී.
“පසුගිය කාලයේ උතුරේ තිබුණ එලිපන්ට්පාස් වගේ රජයේ ලුණු කර්මාන්තය යුද්ධයෙන් කඩා වැටෙද්දී පුත්තලම රජයේ ලුණු කර්මාන්තය සහ පුද්ගලික අපේ කර්මාන්තයත් ලොකු ශක්තියක් වුණා රටට මොකද අපේ පුත්තලමේ වගේම සේගුවන්තිව් ලේවාවන් වල අක්කර 500ක් විතර තිබෙනවා. එයට අමතර කලපු ආශ්‍රීතව තවත් අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් ලුණු නිෂ්පාදනය කරනවා. එය විශාල දායකත්වයක්" යැයි ඇය පැවසුවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වියළි කාලගුණය හේතුවෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරුවෙයි