( සිතුම් චතුරංග)
මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළුවන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරම, වවුනියාව හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (27) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරතවූහ.
පසුගිය 03 වැනිදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් මහ ශිවරාත‍්‍රී දිනය නිමිත්තෙන් රාජ්‍ය අනුමැතිය ඇතිව මාර්ගයේ ඉදිකළ තිරුකේතීෂ්වරම් කෝවිලේ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දමා තිබූ අතර එම ක‍්‍රියාව සිදුකළ පුද්ගලයින් පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බව සත්‍යග‍්‍රහයේ නිරතවූවෝ පැවසූහ.
අදාළ සිද්ධිය උතුරු පළාතේ ජීවත්වන ජනතාවගේ සාමය සංහිඳියාව බිඳ දැමීමේ චේතනාවෙන් සිදුකර ඇති අතර වරදකරුවන් අත්අඩංගුවටනොගැනීම හා නීතිය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ විශාල සැකයක් මතුවන බව කීය.
මෙම සත්‍යග‍්‍රහය මන්නාරම තිරුකේතීෂ්වරම් කෝවිලෙහි ප‍්‍රධාන පූජක කේ.කරුණාරත්නම් කුරුක්කල් තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර සත්‍යග‍්‍රහයේ නිරතවූවන් දිනයපුරා ආහාර පාන වලින් නොගෙන වරදකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන පූජාවකද නිරතවිය.
තිරුකේදීෂ්වරම් කෝවිලේ ස්ථීරව ඉදිකිරීමට නියමිත තොරණ සඳහා රජයේ සියලූ ආයතනයන් හි අනුමැතිය ලැබී ඇති අතර මෙම සිද්ධියෙන් එය ඉදිකිරීම පිළිබඳව හා එහි ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් මතුව ඇති බවද පැවසීය.
සිද්ධියට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවුනහොත් සත්‍යග‍්‍රහය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනබව සත්‍යග‍්‍රහයේ නිරතවූවෝ වැඩිදුරටත් පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වවුනියාවේ හින්දු පුජකවරු-සිවිල් සංවිධාන සත්යග්රහයක