IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල මැදබැද්ද, දැඹව ආදි ප්‍රදේශවල අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු සියල්ලම ජලය නොමැතිවීම නිසා විනාශ වී ගොස් තිබෙන බව ඒම ප්‍රදේශවල ගොවීහු පවසති.


මෙම ප්‍රදේශවල ගොවීන් සුපුරුදු පරිදි අහස් දියෙන් අක්කර දහස් ගණනාවක් දෙකන්නය වගා කරගෙන ජීවත් වන්නට හුරුපුරුදු වූ වෝ  වෙති.


එහෙත් කන්න තුනක කාලයක සිට මෙම ගොවීන්ද අහස් දිය නොමැතිවීම නිසා වි වගාව සම්පූර්ණයෙන් ම විනාශ වූ බව ගොවීහු පෙන්වා දෙති .මෙවරද වසරේ මුල් කාලයේ වැසි බිංදු මහ පොළොවට පතිත වීමත් සමග ණය වී  සිය ශ්‍රමය වගුරවමින් දරු පැටව්න්ට කැඳ උගුරක් බීමට හෝ ඔවුහු අහස බලාපොරොත්තුවෙන් හතරවෙනි කන්නටත් වගාව ආරම්භ කොට තිබිණි.


එහෙත් මෙම කන්නේද ගොවීන්ට සිදුව ඇත්තේ අහසින් ජලය නොමැතිවීම නිසා තම වී වගාව අතහැර දැමීමට ය. මේ වන විට කුඹුරු  මැරී ගොස් ඇති අතර මැරී ගිය කුඹුරු වල ඇති වී ඇට කිහිපය කැඳ බීමට හෝ ගොවීන් එකතු කරමින් සිටින අයුරු මේ දිනවල දැක ගැනීමට හැකියාව ලැබිණි.


මෙම විනාශ වී ඇති ගොයමේ වී ඇට  සොයමින් සිටින ගොවීන් අප සමග කියා සිටියේ මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් ව පවතින බවත් තම ගම්මානවලට කොහා වෙනුවට කණකොකා හඬ ඇති බවය.එමෙන්ම නිසි ආකාරයෙන්  ගොවි වන්දි ක්‍රමයක් පොහොර සහනාධාරයක් හෝ රාජ්‍ය නිලධාරීන්ගේ නිසි අවධානයක් හෝ නොලැබීම නිසා තම ගොවි ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.


දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා කියා සිටියේ දේශපාලන අධිකාරිය විසින් ගොවීන් ගේ ජීවිත බොල්  වෙන්නට හැර තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව ය.

 



අදහස් (0)

වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site