(සිතුම් චතුරංග)
කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 30 ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනකු පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා හා යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීම් වලදී කේරළ ගංජා කිලෝ 14ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 සොයාගත් බව පොලිසිය පවසයි.
කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ සිට ඉරණමඩු දක්වා කැබ් රථයකින් ප්‍රවාහනය කළ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද පොලිසිය පවසයි.
ඔහු සතුව තිබී ජී.පි.එස්. යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යාමට අවශ්‍ය දිසාව එම ජී.පි.එස්. යන්ත්‍රය හරහා සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
නාවික හමුදාව විසින් ලබාදුන් තොරතුරකට අනුව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20 පමණ වටිනා කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 450 සමඟ මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
වවුනියාව කනගරායන්කුලම මාර්ග බාධකය අසලදී යතුරු පැදියක් තුල සඟවා අනුරාධපුරය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝ දෙකක් සමඟ කාන්තාවක හා තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සතුව තිබූ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය හා වවුනියාව ප්‍රදේශයන් හි පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 30 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙකු අත්අඩංගුවට