(කවිතා සුබසිංහ)
මාධ්‍යවේදීන්ට පහර දීම හා අයුතු අවහිරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් 2000 ක මුදල් ඇප සහ ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(12) නියම කළේය.
එම්.වී හශාන් තාරුක සහ වජිර ලසන්ත කැප්පෙටිපොළ නැමති සැකකරුවන් දෙදෙනකු මෙලෙස ඇප මත මුදා හැරිණ.
ජලයට ප්‍රෙට්‍රල් මුසු වීමක් සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් තොරතුරු විමසීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට බාධාකරමින් පහරදීමක් සම්බන්ධයෙන් ඉකුත් 10 වෙනිදා මාධ්‍යවේදීන් කඩවත පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඩවතදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන 11 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව අද(12) දක්වා රිමාන්ඩ් ගත කර තිබූ අතර අද දින නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරුවන් මෙලෙස ඇප මත මුදා හැරිණ.
ලබන මාර්තු මස 25 වැනි දා නඩුව නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අගතියට පත් පාර්ෂවය වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා ද විත්තිය වෙනුවෙන් නීතිඥ අතුල එස් රනගල මහතා ද පෙනී සිටියහ. කඩවත පොලිසියේ පොලිස් සැරයන් (18899) පණ්ඩිතරත්න නිලධාරියා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාධ්‍යවේදීන්ට පහරදුන් දෙදෙනෙකුට ඇප